May 17, 2024

ක්‍රීඩකයා අතින් දූෂණය වූ නිළිය ක්‍රිකට් දක්ෂතා නිසා සමාව දෙයි (VIDEO)

බංගලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන රුබෙල් හුසේන්ගේ දක්ෂතා හේතුවෙන් ඔහු විසින් සිදුකරන ලද ස්ත්‍රී දූෂණයක වරදට එම කාන්තාව විසින් සමාව දී ඇති බව වාර්තා වේ. 

ඔහු මීට මාස දෙකකට පමණ පෙර කලක් ඔහුගේ පෙම්වතියව සිටි 19 හැවිරිදි නස්නින් අක්තර් හැපි නමැති නිළිය දූෂණය කිරීමේ වරදට සිරගත කර ඇතැයි වාර්තා වේ.

සිරගත වී සිටි රුබෙල් හුසේන් ලෝක කුසලාන තරඟාවලියට අවශ්‍ය දක්ෂ ක්‍රීඩකයෙකු නිසා බංගලිදේශ අධිකරණය විසින් 2015 ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කිරීමට පමණක් ඇප ලබා දී ඇත.

කෙසේවෙතත් පසුගියදා එංගලන්තය සමග පැවති තරඟයේදී හුසේන් දැක්වූ දස්කම් දුටු ඔහු අතින් දූෂණයට ලක්වූ එම නිළිය ඔහුට එරෙහි දූෂණ චෝදනාව ඉල්ලා අස්කරගැනීමට තීරණය කොට තිබේ. 

ලෝක කුසලානය වෙනුවෙන් හුසේන්ගේ මානසිකත්වය නගා සිටිවීම උදෙසා මෙම තීරණය ගත් බව එම නිළිය මාධ්‍ය වෙත පවසා ඇත.

එම නිළිය එරට අධිකරණයක ගොනු කළ නඩුවකින් චෝදනා කර තිබුණේ තමන් සමග විවාහ වන බවට පොරොන්දු වෙමින් රුබෙල් හොසේන් තමන් ව දූෂණය කළ බවයි.

ඉන් පසු ඔහු තමන් සමග පැවති ප්‍රේම සම්බන්ධතාව අත්හැර දැමූ බවට ඇය චෝදනා කර තිබිණ.

කෙසේ වෙතත් ඇය අද අධිකරණයට දන්වා ඇත්තේ, එංගලන්තයට එරෙහිව බංග්ලාදේශය ලත් ජයග්‍රහණයට සිය පැරණි පෙම්වතා දැක්වූ සුවිශේෂී දායකත්වය සැලකිල්ලට ගෙන ඊට ගරු කිරීමක් සඳහා ඔහුට සමාව දීමට තීරණය කළ බව ය.

තමන් සිය චෝදනා ඉල්ලා අස් කර ගැනීමෙන් පසුව රුබෙල් හොසේන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයක් ගැනීමට අවශ්‍යතාවක් ඇති නොවන බව ඇය සඳහන් කළා ය.

 

Rate this item
(0 votes)