May 06, 2024

අත්‍යාවශ්‍ය භාණ්ඩ 10කට අද සිට සහනාධාරයක්

අත්‍යාවශ්‍ය භාණ්ඩ 10ක් සඳහා රජය විසින් නිශ්චිත මිලක් නියම කර අද (08) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඒ අනුව කර්මාන්ත හා වානිජ අමාත්‍යංශය විසින් අදාළ අත්‍යාවශ්‍ය භාණ්ඩ 10 ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජිවන වියදම් කමිටුව මගින් අදාළ අත්‍යාවශ්‍ය භණ්ඩ දහය සඳහා සහණාධාර ලබාදීමට තීරණය කර තිබුණි.

මේ අතර ඊයේ (07) එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් සහ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් ද පැවතුණු අතර එහිදී රජයේ මූල්‍ය තත්ත්වය පිළිබඳව විශේෂ අවධානය යොමුකර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 July 2016 01:35