April 26, 2024

පිපිරීම්වලින් මිය ගිය සංඛ්‍යාව 310 දක්වා ඉහළට Featured

පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවලකරුවන් 500ක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

එමෙන්ම මෙම ප්‍රහාරය හේතුවෙන් විදේශ ජාතිකයින් 36ක් මේ වන විට මිය ගොස් ඇති බව වාර්තා වේ.

පිපිරීම් සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් 24දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

දිවයින පුරා පෙරේදා (21) දිනයේ පිපිරීම් 8ක් සිදු විය.

එමෙන්ම එදිනම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ ආඩිඅම්බලම මාර්ගයේ තිබී පුපුරණ උපකරණයක් හමු වු අතර ගුවන් හමුදා භට පිරිසක් විසින් එය නිෂ්ක්‍රිය කර කළේය.

ඊට අමතරව ඊයේ (22) දිනයේදිද කොච්චිකඩේ දේවස්ථානයේ මරාගෙන මරේන ප්‍රහාරය එල්ල කළ සැකකරු පැමිනි වෑන් රථය  කොටහේන ප්‍රදේශයේදි සොයා ගත් අතර එහි තිබි හමු වු බොම්බය ද ආරක්ෂ අංශ විසින් නිෂ්ක්‍රිය කළේය.

Last modified on Tuesday, 23 April 2019 09:59