May 02, 2024

මුලතිව්හි පිපිරීමක්

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේ පිපිරීමක් සිදු වී ඇති බව වාර්තා වෙනවා.

මෙය ඊයේ (02) පස්වරුවේ සිදුව ඇති බව සඳහන්.

ප්‍රදේශයේ ගෙවත්තක මෙම පිපිරීම සිදුව ඇති අතර ඉන් කාන්තාවක් තුවාළ ලබා ඇති බව පැවසෙනවා.

ඇය මේවන විට රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස තුවාළ ලැබූ කාන්තාව 39 හැවිරිදි අයෙකුවන අතර ඇය සිය ගෙවත්ත උදළුගාමින් සිටිය දී උදැල්ල යමක ගැටී ඇති බව සඳහන්වනවා.

එම අවස්ථාවේ දීයි මෙම පිපිරීම සිදුව ඇත්තේ.

මෙලෙස පුපුරා ගොස් ඇත්තේ කුමක්දැයි නිෂ්චිතව අනාවරණය කරගෙන නොමැති අතර ආරක්ෂක අංශ සැක කරන්නේ පොළව යට වළලා තිබූ පුපුරණ ද්‍රව්‍යයක් හෝ යුද උපකරණයක් මෙලෙස පුපුරා යන්නට ඇති බවට යි.

යුද හමුදාව සහ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

Rate this item
(0 votes)