May 17, 2024

අතුරුදන් වූ තරුණයින් තිදෙනාගේ මළ සිරුරු හමුවෙයි (PHOTOS)

December 06, 2021

මුලතිව් මුහුදේ දිය නෑමට ගොස් ඊයේ දින සවස අතුරුදහන්වූ තරුනයින් තිදෙනාගෙම සිරුරු අද (06) දහවල් වන විට සොයාගත් බවට මුලතිව් පොලීසිය පවසයි.

මුලතිව් මුහුදේ අතුරුදහන් වූ තරුණයින් තිදෙනාගෙන් එක් තරුණයෙකුගේ මළ සිරුරක් ඊයේ රාත්‍රියේම ප්‍රදේශවාසී තරුනයින් විසින් සොයාගත් අතර අනෙක් තරුණයින් දෙදෙදෙනා අද දිනය දක්වාම අතුරුදහන් වී ඇත්තේ මුහුදු රල දැඩි රලු වීම හේතුවෙන් බවටද මුලතිව් පොලීසිය පැවසුවා.

කෙසේ වෙතත් අද දින පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් විසින් සිදුකල සෝදිසි මෙහෙයුම්වලදී අතුරුදහන් වූ සෙසු තරුණයින් දෙදෙනාගේද මළ සිරුරු සොයාගැනීමට හැකි වුණා.

 වව්නියාව ප්‍රදේශයේ සිට වෑන්රථයකින් අදාල තරුණයින් තිදෙනා විනෝද ගමනක් සඳහා මුලතිව් ප්‍රදේශයට ඊයේ (05) දින ගොස් සවස් කාලයේ දිය නෑම සඳහා මුලතිව් මුහුදු වෙරලට ගොස් දියනෑම සඳහා මුහුදට ගිය අවස්ථාවේදීද මුහුදු රල රලු වුවද එය සැලකිල්ලට නොගෙන දිය නෑමට යාමේදී මුහුදු රලට තරුණයින් තිදෙනාම එකවරම ගසාගෙන ගොස් මෙම ඛේදවාචකය සිදුව ඇති බවට පොලීසිය පැවසුවා.

මෙලෙස අතුරුදහන්ව සිටියදී සොයාගත් මළසිරුර වව්නියාව මදවයිත්තකුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මනෝහරන් තනූජන් වව්නියාව තොනික්කල් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විජයකුමාර් දර්ශන් සහ සහ මදවයිත්තකුලම් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සිවලිංගම් සකිලන් යන තරුණයින් බවටද හඳුනාගෙන තිබෙනවා.

සොයාගත් මළසිරුරු මේ වන විට මුලතිව් මහරෝහලට රැගෙන ගොස් පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා යොමුකොට ඇතැයිද පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

සබැඳි පුවත් : අනතුර දැන දැන දිය නෑමට ගිය දෙදෙනා රළ පහරට ගසාගෙන යයි (PHOTOS)

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)