May 02, 2024

මුලතිව්හි පිපිරීමක් (PHOTOS)

මුලතිව් පොලිස් වසමේ, ස්වාමිතොට්ටම් ප්‍රදේශයේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

මෙය සිදුව ඇත්තේ ඊයේ (26) දිනයේ යි.

පිපිරීමෙන් එක් පුද්ගලයෙකු තුවාළ ලබා ඇති බවත්, ඔහු මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් මුලතිව් පොලීසිය ප්‍රකාශ කළා.

අදාළ පුද්ගලයා සිය ගෙමිදුල අතුගා කසළ එකතු කොට ගෙවත්තේ පිහිටි ස්ථානයක ගොඩ ගසා ගිනිතබා ඇති බව සඳහන්.

ඉන් සුළු මොහොතකට පසු එම ස්ථානය පුපුරා ගිය බව යි ඔහු සඳහන් කරන්නේ.

පොලීසිය පවසන්නේ මෙලෙස පුපුරා ගොස් ඇත්තේ කුමක්දැයි මේවන තෙක් නිෂ්චිතව අනාවරණය කරගෙන නැතත්, යුද සමයේ දී පොළව යට වැළලූ බෝම්බයක් හෝ පුපුරණ ද්‍රව්‍යයක් පුපුරා යන්නට ඇතැයි සැක කෙරෙන බව යි.

මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 27 June 2021 15:26