October 17, 2019

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයින් තිදෙනෙක් ගොස් ඇති බව වාර්තා වෙයි.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, එම පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න සහ නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර යන අයයි.

ජනාධිපතිවරණය නාමයෝජනා කැඳවීමට තවත් මාස දෙකකටත් වැඩි කාලයක් තිබෙන බැවින් ජනාධිපතිවරණය ගැන හදිසිවිය යුතු නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

මේ අවස්ථාවේ කාර්යභාරය වන්නේ පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරියේදී එන අභියෝග වලට මුහුණදීම යැයි ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී  පැවැත්විණි. පක්ෂයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේ දී සංශෝධනය කෙරුණු නිලධාරී මණ්ඩලය අනුමත කර ගැනීම ද එහිදී සිදුවිය.

ඒ අනුව පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස ලසන්ත අලගියවන්න මහතා ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද පත් කරන්නට විධායක සභාවේ අනුමැතිය හිමිවිය.

මේ අතර, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සඳහා නියෝජ්‍ය මහලේකම් ලෙස නව තනතුරක් පිහිටුවා ඇති අතර ඒ සඳහා උතුරුමැද ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පත්කිරිමට විධායක සභාවේ අනුමැතිය ලැබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සකස් කරන සන්ධානය පිළිබඳව අද පැවැති සාකච්ඡා සාර්ථක වූ බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අදාළ  සාකච්ඡාවේදී සාකච්ඡා කළ කරුණු පිළිබඳව පක්ෂ නායකයින් දැනුවත් කිරිමට කටයුතු කරන බවත්, මීට අමතරව ඉදිරියේදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදුවන බවද පවසා සිටියේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.



DLB Desktop