ලංකාවේ භාවිත කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ සංයුතිය බරපතළ ලෙස වෙනස් කිරීමකට බදුන් කොට ඇති බවට පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතා අනාවරණය කළා.
එම තත්ත්වය යටතේ ගෑස් සිලින්ඩරයක් ගෙදර තබාගෙන සිටීම යනු බෝම්බයක් ගෙදර තබාගෙන සිටිනවා හා සමාන කටයුත්තක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තැන තැන ගෑස් සිලින්ඩර් පුපුරා යාමට හේතුව එය බවත් මෙරට ගෑස් වෙලදාමේ යෙදෙන ප්‍රධාන සමාගම් දෙකම එක් වී මෙම රසායනික වෙනස සිදු කළ බවත් ඔහු ප්‍රකාශ කළා.
තමන් මෙය අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් දෙදෙනාටම ඉකුත් මැයි මාසයේ දැනුම් දුන්නද ඔවුන් එය ගණනකට නොගත් බවද ගුණවර්ධන මහතා සඳහන් කළා.
එය මිනීමැරුමකට අනුබල දීමක් බවද හෙතෙම කියා සිටියා.
යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.