May 08, 2024

"දියුණු රටවලත් ගෑස් අනතුරු වෙනවා - ඒ නිසා අපිත් දියුණුයි" - රාජ්‍ය ඇමැති කියයි

November 26, 2021

ඉතා දියුණු රටවලත් ගෑස් අනතුරු සිද්ධ වන බවත්, අපද සිටින්නේ එම දියුණු කාණ්ඩයේ බැවින් ඒ පිළිබද සතුටු විය හැකි බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවා.

මෙම ගෑස් අනතුරු සිදුවීම සම්බන්ධයෙන් පැය 48ක් ඇතුළත පැවැති සාකච්ජාවලදී මෙම කරුණු අනාවරණය වූ බවද අමාත්‍යවරයා කියා සිටියා.

පසුගිය දිනවල සිදු වූ ගෑස් අනතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේ දී රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසුවා.

‘‘ජනතාව භාවිත කරන එල්.පී. ගෑස්වල ප්‍රමිතිය ගැන පාරිභෝගික අධිකාරිය ගැසට් නිවේදන රැසක් නිකුත් කර තිබෙනවා. නමුත් ඉතිහාසයේ සිටම ගෑස් අනතුරු රැසක් සිදු වී තිබෙනවා. සාමාන්‍යයෙන් වසරකට ගෑස් අනතුරු 10ක් පමණ වාර්තා වෙනවා.ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත තවදුරටත් නීති රීති පනවා ගෑස් භාවිතය පිළිබඳ සෑම නිවසක්ම දැනුවත් කිරීමට වැසටහන් දියත් කරනවා."

"ලිට්‍රෝ සමාගම වසරකට ගෑස් සිලින්ඩර ලක්ෂ 350ක් පමණ නිකුත් කරන බවත් ඒ අතරින් අනතුරු 05ක් හෝ 06ක් වාර්තා වී තියෙනවා. ලාෆ් සමාගම 2015 වසරේ සිට නිකුත් කළ ගෑස් සිලින්ඩරවලින් නිවෙස්වල අනතුරු 12ක්, ව්‍යාපාරික ස්ථානවල අනතුරු 09ක්, ගෑස් අලෙවි නියෝජිත ආයතනවල අනතුරු 02ක් සිදු වී තියෙනවා."

Rate this item
(0 votes)
Last modified on Friday, 26 November 2021 21:11