May 19, 2024

"වම්බොට්ටා වනචරයා - හෙණ ගහපන් හෙණ ගහපන්" - කුට්ටිට එරෙහිව විරෝධතා (VIDEO)

November 26, 2021

කොළඹ, පොලොන්නරුව, මහනුවර, මාතර, ගාල්ල, කුරුණෑගල, බණ්ඩාරවෙල, මාතලේ ඇතුළු ස්ථාන රැසක කාන්තාවන්ට අපහාස වන පරිදි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් නිකුත් කළ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට එරෙහිව විරෝධතා ව්‍යාපාර පැවැත්වුණා.

එහිදී කාන්තාවන් විවිධ සටන් පාඨ කියමින් විරෝධය පළ කරන ආකාරයක් දැක ගත හැකි වුණා.

මීට සමගාමිව මහනුවර දිස්ත්‍රික්කයේ ද අද පෙරවරුවේ විරෝධතා පැවැත්වුණා. 

කඩුගන්නාව නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු අද නගර මධ්‍යයේ විරෝධතාවයක් පැවැත්වුණා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සහ සමඟි වනිතා බලවේගය සංවිධානය කළ තවත් විරෝධතාවයක් කඹුරුපිටිය නගරයේදී පැවැත්වුණා.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 26 November 2021 21:12