ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් වැලිකන්ද ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියක මිය ගොස් ඇති බවට පැතිර යන පුවත අසත්‍ය එකක් බව පොලීසිය ප්‍රකාශ කරනවා.
වැලිකන්ද පොලීසිය පවසන්නේ අදාළ තරුණිය පිළිස්සී මියගොස් ඇති සිදුවීම සැබෑවක් වුවත් එය ගෑස් අනතුරක් හේතුවෙන් සිදුවූවක් නොවන බවයි.
එය ගිනි තබාගැනීමෙන් සිදුකරගත් සිය දිවි නසාගැනීමක් බව පොලීසිය වැඩි දුරටත් පවසනවා.
නමුත් මිය ගිය තරුණියගේ පියා පවසන්නේ මෙවැන්නක්.
“ගෑස් ලිප පත්තු කරලා තියෙනවා. පත්තු වෙලා නෑ. ඊට පස්සේ ගිනි පෙට්ටිය හොයාගෙන ඇවිල්ලා ගිනි කූරක් ගහලා තියෙනවා. ඊට පස්සේ ගිනි ඇවිලිලා. එච්චරයි මම දන්නේ. තාත්තේ ගෑස් ලිපට පිච්චුණා කිව්වා”
කෙසේ වෙතත් අදාළ තරුණිය මියයාමට පෙර මරදාන පොලීසියට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
ඇය එහි දී සඳහන් කර ඇත්තේ තමා භූමිතෙල් යොදා ගනිමින් ගිනි තබාගත් බව යි.
සිය සැමියා සමග ඇති කරගත් බහින්බස් වීමක් හේතුවෙන් ඇති වූ සිත්තැවුලක් හේතුවෙන් තමන් එලෙස ගිනි තබාගත් බව ඇය අදාළ ප්‍රකාශයේ දී අනාවරණය කර තිබෙනවා.