May 12, 2024

ශ්‍රීලනිපය කාපු සිරිසේන හදන්නේ ආණ්ඩුවත් කන්නයි : ඉන්න බැරිනම් යන්න - පොහොට්ටුවෙන් ප්‍රකාශයක්

November 27, 2021

ආණ්ඩුවක් ගෙනියන්න තුනෙන් දෙකක් අවශ්‍ය නැති බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සදහන් කරනවා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ආණ්ඩුව ගෙනිච්චේ වැඩිපුර එක් මන්ත්‍රී අසමත් තබාගෙන බවත් අමාත්‍යවරයා ඊට උදාහරණයක් ලෙස පෙන්වා දෙනවා.

ඕනෑම කෙනෙකුට යන්න පුළුවන්

එනිසා ආණ්ඩුවෙන් යන්න අවශ්‍යය ඕනෑම කෙනෙකුට ආණ්ඩුවෙන් යෑමට හැකි බවයි ඔහු අවධාරණය කරන්නේ.

ආණ්ඩුවක් ස්ථාවරව ගෙන යෑමට නම් ඇතුලේ ඉදලා බොරුවට කෑ ගහන අය එළියට යා යුතු බවත් එසේ නැතිනම් ඔවුන් කෑගැහිල්ල නතර කොට ආණ්ඩුවත් සමඟ එකතුවී වැඩ කල යුතු බව සිය මතය බවයි ඔහු සඳහන් කරන්නේ.

ශ්‍රීලනිපය සමඟ තමන්ට තරහක් නැති බවත් තමන් දේශපාලනය ආරම්භ කළේ එම පක්ෂයෙන් බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා වත්මන් ශ්‍රීලනිප නායකත්වය පිළිබඳව ප්‍රශ්න තිබෙන බවත් අනාවරණය කරනවා.

හිටපු ජනපති

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රීලනිපයට ගෑවිච්ච එකෙකුටවත් ඡන්දය දෙන්න එපා යැයි තමන් කිව්වේ ඒ නිසා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී.ල.නි.පයත් විනාශ කළ ආකාරයට මේ ආණ්ඩුවක් විනාශ කිරීමට කටයුතු කරන බවට හෙලිදරව්වක්ද රණතුංග මහතා කරනවා.

පාස්කු ප්‍රහාරයට හිටපු ජනපතිවරයා සම්පූර්ණයෙන්ම වග කිව යුතු බැවින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍යවරයා මතක් කර දෙනවා.

හැමදාම ඉවසන්න බැහැ

ශ්‍රීලනිප මන්ත්‍රීවරු එලියේ කතා කරලා දේවල් අසාගෙන හිටි බවත් හැමදේම එසේ අසාගෙන සිටීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒවට උත්තර දෙන විට රිදෙන බව අමාත්‍යවරයා සදහන් කරනවා.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 November 2021 08:28

Related items