May 08, 2024

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළට? තීරණය අද Featured

September 24, 2021

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) දිනයේ ජීවන වියදම් කමිටුව රැස්වීමට නියමිතව තිබෙනවා.

මෙහිදී අද අත්‍යවශ්‍ය භාණ්ඩ වන සහල්, කිරිපිටි, තිරිගුපිටි, සිමෙන්ති සහ ගෑස් මිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ පිළිබඳව අදහසක් දක්වමින් පවසා සිටියේ පසුගිය දින කිහිපය පුරාවට කිරිපිටි, තිරිඟුපිටි සහ සිමෙන්ති සමාගම් සමඟ සාකච්ඡා පැවැත්වූ බවයි.

එමෙන්ම එම සමාගම් විසින් අදාළ භාණ්ඩවල මිල ඉහළ දැමීම සඳහා ඉල්ලීමක් කර තිබෙනවා.

අමාත්‍යවරයා පවසා සිටියේ සමාගම් පවසන පරිදි මිල වැඩි කිරීම් මොනම ආකාරයකින් කටයුතු නොකරන බවයි.

මිල වැඩි කිරීමක් කරන්නේ නම් පාරිභෝගිකයා ආරක්ෂා වෙන පරිදි ගණනය කිරීමකින් පමණක් මිල වැඩි කිරීමට සුදානම් බවද පවසා සිටියා.

මෙවර මිල වැඩි කිරීමක් කළහොත් නැවත මිල වැඩි කිරීමක් මාස 03කටවත් ලබානොදෙන බවද එම සමාගම්වලට දැනුම් දී තිබෙන බවද අමාත්‍යවරයා පවසා සඳහන් කළා.

අද පැවැත්වෙන සාකච්ඡාවේදී ඒ සඳහා වන එකඟතාවයට පැමිණෙන බවද රාජ්‍ය අමාත්‍ය සන්ත අලගියවන්න මහතා පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 September 2021 08:58