April 27, 2024

ජවිපෙ සමඟ මොන සන්ධානද : මහ ලේකම්ට එරෙහිව ශ්‍රීලනිපයේ බැසිල් හඬ එලියට

December 28, 2021

ජනතා විමුක්ති පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධාන ගත වීමක් සම්බන්ධයෙන් පක්ෂය තුළ කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බව පක්ෂ භාණ්ඩාගාරික , රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හෙළිදරව් කරනවා.

මේ දිනවල ගෑස් ලිප් පිපිරීමේ සිදුවීම් වලට වග කිව යුත්තා වන පාරිභෝගික අයිතීන් රාජ්‍ය ඇමතිවරයාද වන අලගියවන්න මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ මේ අවස්ථාව එවන් සන්ධාන ගත වීමක් සම්බන්ධයෙන් කතා කිරීමටවත් සුදුසු අවස්ථාවක් නොවන බවයි.

පක්ෂයේ නිල මතය

ශ්‍රීලනිපයේ තීන්දු තීරණ ගනු ලබන්නේ පක්ෂ නායකත්වය සහ මධ්‍යම කාරක සභාව විසින් බව පෙන්වා දෙන අලගියවන්න අමාත්‍යවරයා මේ මොහොතේ අවධානය යොමු කළ යුත්තේ ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට බවයි සඳහන් කරන්නේ.

ශ්‍රී.ල.නි.ප භාණ්ඩාගාරිකවරයා වන අලගියවන්න මහතා මෙසේ ප්‍රතිචාර දැක්වූයේ පක්ෂයේ මහ ලේකම්වරයා වන දයාසිරි ජයසේකර මහතා ශ්‍රී.ල.නී.ප - ජ.වි.පෙ සන්ධාන ගත වීමක් සම්බන්ධයෙන් පළ කර තිබූ අදහසටයි.

පක්ෂ ලේකම්ගේ පුද්ගලික අදහස

අලගියවන්න මහතා සඳහන් කරන්නේ බතික් රාජ්‍ය අමාත්‍යවරයාද වන ජයසේකර මහතාගේ එම අදහස ශ්‍රී.ල.නි.පයේ මතය නොව ඔහුගේ පුද්ගලික මතය බවයි.

අලගියවන්න මහතා ජයසේකර මහතාට මෙසේ ප්‍රතිචාර දක්වා තිබුණේ අත්තනගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතායි.

ලසන්ත අලගියවන්න මහතා ශ්‍රී.ල.නි.පය නියෝජනය කළත් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ඉතා කිට්ටු සමිපතයෙකු ලෙසයි පිළිගැනෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 December 2021 00:56

Related items