July 11, 2020

එළඹෙන මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය ජනතා විමුක්ති පෙරමුණ හෝ දෙමළ ජාතික සන්ධානය සමඟ සන්ධාන ගත නොවන බවත් දේශපාලනික වශයෙන් දරන මත එකිනෙකට වෙනස් නිසා මෙම පක්ෂවලට මැතිවරණයකට තරඟ කිරීම පිණිස එකතු වීමේ හැකියාවක් නොමැති බවත් මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පවසයි.

සුළු පක්ෂ හා සුළු ජනතාව නියෝජනය කරන පක්ෂ එකට එකතුවී සන්ධානයක් ලෙස කටයුතු කරන බවට තමන් මුස්ලිම් කොංග්‍රස් 29 වන සමුළුවේදී කළ කතාව තුළින් වැරදි මතයක් සමාජ ගතව තිබෙන බවද ඒ මහතා කීය.

අදාළ ප්‍රකාශය නිවැරදි කිරීම පිණිස මහනුවර අර්ලිස් රිජින්සි හෝටලයේදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදී හකීම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම පිණිස සුළු පක්ෂ හා සුළු ජනතාව නියෝජනය කරන පක්ෂ එකට එකතුවී කටයුතු කිරීමේ අවශ්‍යතාවක් තිබෙන බවත් ඒ සඳහා එම පක්ෂ සමඟ සාකච්ඡා කරන බවත් මුස්ලිම් කොංග්‍රස් නායකයා පැවසුවේය.

මැතිවරණයට පෙර සුළු ජනතාව නියෝජනය කරන පක්ෂ එකට එකතුවී සන්ධානයක් ගොඩනගන බවට තමන් කළ කතාවෙන් වැරදි මතයක් සමාජගත වීම නිසා විශාල අර්බුදයක් පැන නැගුණු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් තමන්ට කතා කළ අවස්ථාවේ අදාළ ප්‍රකාශය නිවැරදි කිරීමට තමන් කටයුතු කරන බව දැනුම් දුන් බවත් හෙතෙම පවසයි.

ඉදිරි මහ මැතිවරණය මුස්ලිම් කොංග්‍රසය එජාපය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ගොඩනගන සන්ධානය සමඟ එක්ව තරඟ කරන බවත් තමන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වන බවත් ඒ මහතා කීය.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කරන පුළුල් ජනතා සන්ධානයට තම පක්ෂවල සහාය ලබා දෙන බව ජාතික හෙළ උරුමය, දමිල ප්‍රගතිශීලි සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

විශේෂ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂවල නායකයින් වන පිළිවෙලින්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේශන් හා රවුෆ් හකීම් යන මහත්වරු අවධාරණය කළේ, ජනතා අපේක්ෂාවන් සහතික කරන ආණ්ඩුවක් බිහි කිරීම උදෙසා තමන් දායක වන බවයි.

ව්‍යාජ සහ ප්‍රලාප තුළින් බලය ලබාගෙන මේ වනවිට ව්‍යාකූල රටක් නිර්මාණය කර ඇති වත්මන් ආණ්ඩුව පරාජය කර ශක්තිමත්, ප්‍රගතිශීලි හා ජවසම්පන්න ආණ්ඩුවක් බිහි කිරීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කරන සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වන බව ද එම පක්ෂ නායකයින් අවධාරණය කර සිටී.

දහසකුත් එකක් ජනතා බලාපොරොත්තුවලට සහ මුලින්ම ප්‍රතිවිරුද්ධ ගමනක යෙදෙන වත්මන් ආණ්ඩුවට එරෙහිව පුළුල්ම ජනතා බලවේගය නිර්මාණය කිරීමේ භාරදුර වගකීම තමන්ට පැවරී ඇති බව ද එම පක්ෂ නායකයින් පෙන්වා දෙයි.

එළැඹෙන මහ මැතිවරණය උදෙසා නව සන්ධානයක් බිහි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය පසුගියදා හිමිවිය.

අමාත්‍ය රවුෆ් හකීම් සහ පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම් අතර සිදුව ඇති සාකච්ඡාවලට අදාළ තවත් වීඩියෝ දර්ශන නුදුරේදීම හෙළිකරන බව නව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාන් මරූෂ් මහතා පවසයි.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ, සහරාන් සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක දර්ශන පසුගිය 18 වැනිදා හෙලි කිරීමෙන් පසු තමන්ට මරණ තර්ජන එල්ල වන බවයි.

සහරාන් හෂීම් සහ රවුෆ් හකීම් අමාත්‍යවරයා අතර 2015 මහමැතිවරණ සමයේදී සිදුව ඇතැයි පැවසෙන සාකච්ඡාවක දර්ශන පසුගිය 18 වැනිදා මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානය විසින් ප්‍රසිද්ධ කරනු ලැබුවේය.

ගම්පහ දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී රවුෆ් හකීම්, මංගල සමරවීර, රවී කරුණානායක, රිෂාඩ් බදියුදීන් , තලතා අතුකෝරල යන ඇමතිවරුන් ඇතුළු සමස්ත ආණ්ඩුවටම බිම වැටෙන්නට ප්‍රහාරයක් එල්ල කරන ලදී. 

ලන්සා මන්ත්‍රීවරයා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ දැඩි බාධා කිරීම් වලට හා ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් විනාඩි 45ක පමණ වෙලාවක් කළ කතාවෙන් ආණ්ඩුව දැඩි අපහසුතාවයට පත් විය.

රවුෆ් හකීම් අමාත්‍යවරයා අප්‍රේල් 21 පාස්කු ඉරු දින ප්‍රහාරයේ මහ මොලකරු වන සහරාන් හෂීම් සමඟ පැවැත්වූ සම්බන්ධතාවයත් ඔවුන්ගේ සහය මත නැගෙනහිරින් ලබා ගත් ජන්ද පිළිබඳවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සම්බන්ධයෙන් සහරාන් හෂීම්ට කළ බලපෑම් පිළිබඳවත් ලන්සා මන්ත්‍රීවරයා කරුණු හෙළිදරව් කරන ලදී. එම කරුණ ඔහු දෙමළ බසින් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. 

රවුෆ් හකීම් අමාත්‍යවරයා සහරාන් සහ ඔහුගේ සොහොයුරා යන ත්‍රස්තවාදීන් දෙදෙනා සමඟ පැවැත්වූ සබඳතාවයන් මත පාස්කු ප්‍රහාරය පිලිබඳ කරුණු සොයා බැලීමට කථානායකවරයා පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට රවුෆ් හකීම් මහතාට සදාචාරාත්මක අයිතියක් නැති බවද ලන්සා මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දෙන ලදී. 

ලන්සා මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කලේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිලිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව සභාගත කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ විවාදයට එක්වෙමිණි.

තමා හා සහරාන් සිටින වීඩියෝවේ සිටින එක් පුද්ගලයෙක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තන්කුඩි සංවිධායක බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

අද (23දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

එසේම එම පුද්ගලයා මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කාන්තන්කුඩිහි සියලුම සංවිධාන කටයුතු සිදුකරන බවත් ඔහු පැවැසීය.

රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන්ට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් ඇමතීමෙන් වැලකී සිටින ලෙස මැතිවරණ සංවිධායක කමිටු ඉල්ලීමක් කර තිබේ.

එම අමාත්‍යවරුන් දෙදෙනාට තමන්ගේ දේශපාලන බල කඳවුරු වල පමණක් එනම් රවුෆ් හකීම් මහතාට නැගෙනහිර පළාතෙත්, රිෂාඩ් බදියුදීන් මහතාට පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් රැස්වීම් අමතන ලෙස සංවිධායක කමිටුව ඉල්ලීමක් කර තිබේ. 

රවුෆ් හකීම් හා රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන් දෙපළටම ඉස්ලාම් අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන් සමඟ සබඳකම් පැවැත්වීම පිලිබඳ බරපතල චෝදනා එල්ල වීම සංවිධායකවරුන්ගේ මෙම තීරණයට හේතු වී තිබේ. 

තමන් හා සහරාන් අතර නොමති සම්බන්ධතා මතු කර පෙන්වමින් තම දේශපාලන දිවිය විනාශ කිරීමට පිරිසක් කුමන්ත්‍රණය කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේදි  ප්‍රකාශයක් කරන බවත්  ජනතාව නොදන්නා බොහෝ දේ එහිදී හෙළි වනු ඇති බවත් මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා මල්වතු මහනායක ස්වාමින් වහන්සේ හමුවෙහි පැවසුවේය.

ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දීමට  තීරණය කිරීමත් සමඟ සහරාන් සම්බන්ධව නොමැති සම්බන්ධකම් මතු කර පෙන්වන බව  මල්වතු මහ විහාරයට පැමිණ රවුෆ් හකීම් මහතා ඊයේ (22) පස්වරුවේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක පැවසිය.

තමන් කිසිදු ලෙසකින් සහරාන් හෝ ඔහුගේ කණ්ඩායමේ පුද්ලගයින් සමඟ ආශ්‍රයක් නොතිබුණු බවත් 2015 මැතිවරණයෙන් පසු කාත්තන්කුඩියේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා තුවාල ලැබූවන් හා හානිවූ දේපොළ පිළිබඳ සොයා බැලීමට තමන් එහි ගිය අවස්ථාවේ ලබාගත් ඡායාරූප වලට වැරදි අර්ථ කතනයක් ලබා දෙමින් පිරිසක් දේශපාලන වාසි ගැනීම පිණිස තමන්ට එරෙහිව කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඔහු පැවැසීය.

බොම්බයක් අත්හදා බැලීමකදී තුවාල ලැබූ සහරාන් හෂීම්ගේ සොහොයුරා පෞද්ගලික රෝහලකින් රජයේ රෝහලක් වෙත මාරු කිරීමට අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ සහාය ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැවැසීය.

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව  පැවැසීය.

සහරාන්ගේ සොහොයුරාද පසුව කාන්තාන්කුඩියේදි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

“අපි පැහැදිලිවම දන්නවා සහරාන්ගේ මල්ලි කරළියට එන්නේ බෝම්බ පිපිරීම් සිද්ධියක් එක්කයි. බෝම්බ පිපිරීමකදී පෞද්ගලික රෝහලකින් මේ පුද්ගලයා ප‍්‍රතිකාර ගන්නවා.   පසුව දේශපාලනඥයකුගේ මැදිහත්වීම මත රජයේ රෝහලකට මාරුකර යවනවා. අද රවුෆ් හකීම් කියන්නේ එවැනි පුද්ගලයෝ මාත් එක්ක  ඕන තරම් කතා කරනවා කියලයි. අපි අහන්නේ සහරාන්ගේ මල්ලිට  රෝහල් ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා උදව් කිරීමට තරම් හකීම් ඇමැතිවරයාට ඒ අයත් එක්ක පැවැති  සම්බන්ධය කුමක්ද කියලයි.”

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් මහතා අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොලකරු වන සහරාන් හෂීම් නාදුරන බවට කි ප්‍රකාශයේ උණුසුම් යන්නටත් මත්තෙන් ඔහුගේ සොහොයුරු වන මොහොමඩ් රිල්වාන් හෂීම් රෝහල්ගතව සිටියදී බැලීමට ගිය ජායාරූපයක් සමාජගත වීමත් සමඟ රවුෆ් හකීම් අන්තවාදී ත්‍රස්තවාදීන් සමඟ පැවැත්වූ සම්බන්දතා එකින් එක හෙළිදරව් වෙමින් පවතී. 

රිල්වාන් හෂීම් පාස්කු ප්‍රහාරය දින කිහිපයකට පසු සයින්දමරුදු ප්‍රදේශයේදී හමුදාවට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර හමුවේ ජිවිතක්ෂයට පත් විය.

ඔහුගේ මරණයෙන් ටික වෙලාවකට පසු දෙසොයුරන් සිටින ජායාරූපයක් IS හිතවාදී අමාක් පුවත් වෙබ් අඩවිය පළ කර තිබිණි. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කථානායකවරයා විසින් පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයින් 08 දෙනාගෙන් කෙනෙකු ලෙසද රවුෆ් හකීම් මහතා කටයුතු කරන ලදී.

සහරාන් හෂීම් සමඟ රවුෆ් හකීම් මහතා සාකච්ජා කරන වීඩියෝ පටයක් මිට පෙර සමාජගත වූ අතර තමන් එවැනි පුද්ගලයෙකු නොදන්නා බව රවුෆ් හකීම් මහතා ඊට පිළිතුරු ලෙස සටහන් කරන ලදී.

2015 දී හිස්බුල්ලා මහතාගෙන් තම පාක්ෂිකයින්ට සිදු වූ හිරිහැර සෙයා බැලීමට ගිය අවස්ථාවකදී ත්‍රස්තවාදී සහරාන් එම හමුවට පැමිණ ඇති බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

පසුගිය දිනයන්හි මාධ්‍ය මගින් හෙළි කළ වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජල සම්පත් නාගරික සංවර්ධන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා මේ බව පැවසීය.

නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ වෙනුවෙන් අකුරණ නගරයේ පැවැති  ජන රැළියක් අමතමින් අමාත්‍ය හකීම් මහතා එසේ ප්‍රකාශ කළේය.

ඊයේ දින මාධ්‍ය මගින් ඉදිරිපත් වූ එම වීඩියෝව පිළිබඳව තව දුරටත් අදහස් දැක්වූ හකීම් මහතා ,

"අප්‍රේල් 21 වනදා සිදු වූ සිදු වීමෙන් පසුව මුස්ලිම් ජනතාව විශාල කම්පනයකින් ඉන්නේ.අපේ ප්‍රජාව තුල හැංගී ඉඳගෙන ඒ ම්ලේච්ඡ නින්දිත ක්‍රියාව කරපු ඒ වගේ ත්‍රස්තවාදීන් නැවත වාරයක් හිස එසවීමට ඉඩ නොදීමට අපේ සමාජය අධිෂ්ඨානයෙන්  ඉන්නවා. මම මුස්ලිම් ජනතාව වෙනුවෙන් කියනවා මේ රටේ බුද්ධි අංශය හමුදාව පමණක් නෙවෙයි අපේ මුස්ලිම් ප්‍රජාවම අවදියෙන් සිටිනවා අපි අතරින් නැවත වාරයක් කවුරු හරි  යම් අන්තවාදී අදහසක් තියෙන එකෙක් එහෙම අදහසක් පළ කරන්න ආවනම් ඌව අල්ලලා එක හෙළාම නැත්තකම නැති කරල දාන්න. ඒ ක්‍රියාව අපිම කරනවයි කියන එක  මම ප්‍රකාශ කරනවා.ඊයේ විද්‍යුත් මාධ්‍යයෙන් සමහර අය  දැකින්න  ඇති ඔන්න 2015 ගත්ත වීඩියෝ පටයක් කියලා   අර සහරාන් මම යන තැනට  ඌත් ඇවිල්ල රිංගන එක දැකලා ඔන්න මාත් සහරාන් එක්ක  ඇසුරු කළයි කියලා කතාවක්  කියන්න  හදනවා. මම ඉතාම පැහැදිලිවම කියන්න ඕන මේකේ වට පිටාව.කාත්තාන්කුඩි ප්‍රදේශයේ දේශපානයේ යෙදෙන මේ රටේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන ප්‍රධාන පක්ෂයක් හැටියට  අපි අෂ්රෆ් ඇමතිතුමාගේ කාලයේ ඉඳලා  නැගෙනහිර පළාතේ දැවැත්න පක්ෂයක් හැටියට ගිය මහ මැතිවරණයේදී අපට ආසනයක් ලබා ගන්න පුළුවන් වුණා. එක්සත් ජාතික පක්ෂයටත් ආසනයක් ලැබුණා දෙමළ සන්ධානයට ආසන තුනක් ලැබුණා."

"මඩකලපුව දිස්ත්‍රික්කයට ආසන පහයි.එයට පෙර තිබුණු ජනාධිපති මැතිවරණයේදී  රාජපක්ෂ මැතිතුමාට සහාට දුන්නා හිස්බුල්ලා මැතිතුමා.  ජනාධිපති මැතිවරණය පැරදුනහම පාර්ලිමේන්තු මැතිවරණයේදී එතුමා පැරදුනා.පැරදිලා පස්ස දොරින් ගිහිල්ලා  අපේ වර්තමාන ජනාධිපති තුමාගේ කකුල් දෙක ළඟ වැටී ආයාචනා කරලා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබා ගත්තා . ජාතික ලැයිස්තුවෙන් ආසනය ගත්ත එකාට  පුදුම උජාරුවක් ඇවිල්ලා  මිනිහා අපේ පාක්ෂිකයින්ගේ ගෙවල්වලටත් කඩවලටත් ගිනි තියන්න  පටන් ගත්තා . අඩන්තේට්ටම් කරන්න පටන් ගත්තා. ඉන් පස්සේ මට යන්න සිද්ධ වුණා කාත්තාන්කුඩියට අපේ ආධාරකරුවන්ගේ තත්වය බලල අස්වැසිල්ලක් ලබා දෙන්න .ඒ අස්සේ මේ සහරානුත් රිංගගෙන. ඒකට මම මොනව කරන්නද?  දේශපාලන නායකයෙක් ඒ වගේ ප්‍රශ්නයකට තැනකට ගියමහ  කවුරු එනවද  මොනව කරනවද කියල අපි දන්නවාය අපි දන්නවාද ඌ ත්‍රස්තවාදියෙන් වෙයි කියලා"යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Page 1 of 3