April 27, 2024

පාස්කු ප්‍රහාරය ගැන ෆොන්සේකාගෙන් පුද්ගලික වාර්තාවක්! මෛත්‍රී - රනිල් චුදිතයින් ලෙස නම් කරයි Featured

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයබැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයකු ලෙස තමන් පුද්ගලික වාර්තාවක් සකස් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

එමගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චුදිතයින් ලෙස නම් කර ඇති බවද ෆොන්සේකා මහතා පැවසී ය.

මේ අතර විමල් වීරවංශ අමාත්‍යවරයා සහ රිෂාඩ් බදියුදීන් හිටපු මන්ත්‍රීවරයාද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නැගෙන චෝදාන පිළිබඳව ද අදහස් පළ කළේය.

රිෂාඩ් බදියුදීන් හිටපු මන්ත්‍රීවරයා පැවසුවේ ඇතැම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන් විල්පත්තුව විනාශ කළ බව පවසන බවයි.

එමෙන්ම තමන් පාස්කු සිද්ධියට සම්බන්ධ අසත්‍ය ප්‍රචාර සිදු කරන බවත් ඒ සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් පවත්වන බවත්  ඒ මහතා පැවසීය.

අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ ප්‍රහාරයේ තොරතුරු දැන් අනාවරණ වෙමින් පවතින බවයි.

රිෂාඩ් බදියුදීන් හා කබීර් හෂීම් යන අය ගැන තොරතුරු අනාවරණ වු බවත් මුස්ලිම් ත්‍රස්ත සංවිධානයක් සමඟ ව්‍යාපාර සිදු කරන බවත් සියලු දේ නිසි වේලාවට එළිවෙන බවත් අමාත්‍යවරයා අවධාරණ කළේය.

Rate this item
(1 Vote)