May 04, 2024

විමල්, උදය, වාසුට වැරදුණ තැන හිටපු ඇමැති කියයි - වසර අවසානයේ වෙන දේ ගැනත් කියයි

හිටපු අමාත්‍යවරයෙකු වන වත්මන් සමඟි ජන බලවේගයේ මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා විමල්,  වාසු සහ උදය යන අය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ යහපාලන ආණ්ඩුව විනාශ කිරීමට කටයුතු කලේ එම මන්ත්‍රීවරුන් තිදෙනා බවයි.

ජාතින් අතර ආගම් භේද ඇති කිරීම ඒ දේම අද ඔවුන්ට වැරදුනු බවත් සඳහන් කරන මන්ත්‍රීවරයා ඔවුන් සමඟ ආයේ ආණ්ඩු කිරීමට බැරි බවද කියා සිටියා.

මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කලේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ දිගම්බරම් මහතා,

"රටේ ජනතාවට ඇත්ත කියන්න ඕනි. බොරු කිව්වම ජනතාව කවුරුත් ආයේ විශ්වාස කරන්නේ නැ. විමල් විරවංශලා ආණ්ඩුවෙන් ඉවත් වීම විපක්ෂයට කිසිදු ගැටළුවක් නැහැ. ලංකාව අද සජිත් ප්‍රේමදාස මහතා සමග එකතු වෙලා ඉන්නේ. මේ අය ආණ්ඩුවේදි එක කතාවක් කියනවා. එළියෙදි තව කතාවක් කියනවා. 20 වෙනි සංශෝධනයට මේ අය ජන්දය ලබා දුන්නනේ. එතකොට බැසිල් හොදයි. බැසිල්ගේ ද්විත්ව පුරවැසිභාවය ගැටළුවක් වුණේ නැහැ. දැන් තමයි එලියට ඇවිල්ලා බැසිල්ට ගහන්නේ.

විමල්, උදය, වාසුදේව කියන දේවල් රටේ ජනතාව පිලි ගන්නේ නැහැ. රාජපක්ෂලා වගේම මේ අය සියළුදෙනා වගකියන්න ඕනි මේ විදිහට රට බංකොලොත් වුණ එකට. මේ අය ආණ්ඩුවෙන් එලවන්න කලින් ඇවිල්ලා මේ දේවල් කිව්වා නම් විශ්වාස කරන්න තිබුණා. නමුත් ආණ්ඩුවෙන් එලෙව්වට පස්සේ මේවා කියන නිසා විශ්වාස කරන්න අමාරුයි.

බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව බලා යන්න හදනවනේ. එතකොට ඩොලර් බිලියන එකක ණයක් දෙනවනේ. ඒ මුදල් වලට මැජික් එකක් කරයි. දෙසැම්බර් වෙනකොට ජනතාවට හිගා කන්න සිදු වෙනවා. සල්ලි තියෙන අයට මේක දැනෙන්නේ නැහැ. සල්ලි නැති මිනිස්සු තමයි ලංකාවේ වැඩිපුර ඉන්නේ. මේ අයගේ දුක රාජපක්ෂලාට තේරෙන්නේ නැ. 225 දෙනාම හොරු කියනවනේ. එහෙම කියන්න හොද නැහැ. හොද මිනිස්සුත් ඉන්නවා. හොරුත් ඉන්නවා. පොහොට්ටුව පැත්තේ තමයි හොරු වැඩියෙන් ඉන්නේ. අපි බලයට ආවේ හොරු අල්ලන්න. නමුත් හොරු ඇල්ලුවේ නැනේ. ඒ නිසා ජනතාව රිටන් එක දුන්නා."

Rate this item
(1 Vote)
Last modified on Monday, 14 March 2022 12:27