May 03, 2024

විජිත හේරත් කියන්නේ බොරු : අපි දුන්න ඔප්පු බැංකුවකට තියලා ණයක් ගන්න පුළුවන් - දිගාම්බරම්

December 02, 2020

යහපාලන ආණ්ඩුව යටතේ වතු කම්කරුවන්ට ලබා දුන්නේ කොළ කෑල්ලක් මිස ඔප්පුවක් නොවන බවට විජිත හේරත් මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය බොරුවක් බව සමගි ජන බලවේගය මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා සඳහන් කරයි.

එම ආණ්ඩු යටතේ තමාගේ මැදිහත්වීම මත බැංකුවකට තබා ණයක් ගැනීමට හැකි නීත්‍යානුකූල ඔප්පු වතුකම්කරුවන්ට ලබාදුන් බවද පෙන්වා දෙයි.

තමාගේ මූලිකත්වයෙන් වතු කම්කරු ජනතාවට ලබා දුන් පර්චස් 7ක ඉඩම ප්‍රමාණවත් නොවන බවත් අවම තරමින් පර්චස් 20ක ඉඩමක් ලබාදිය යුතු බවට යෝජනා කළ පිරිස් අද සිටින්නේ ආණ්ඩුවේ බැවින් දැන් එම පොරොන්දුව ඉටු කරල ලෙසද දිගම්බරම් මහතා ඉල්ලා සිටී. ඒ සඳහා තමාගේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වතුකම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බවට අය-වැය ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය බොරුවක් බව ද පෙන්වා දෙන දිගම්බරම් මහතා වැටුප් වැඩි කිරීමට නම් අනිවාරයෙන්ම හාම්පුතුන්ගේ අනුමැතිය අවශ්‍ය බව ද සඳහන් කරයි.

වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට නොහැකි බව අග්‍රාමාත්‍යවරයා අයවැයෙන් එම යෝජනාව ඉදිරිපත් කළ දිනට පසු දින හාම්පුතුන්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කළ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 December 2020 14:52

Related items