May 18, 2024

කච්චතිව් වාර්ෂික මංගල්‍යය සාර්ථකව අවසන් වෙයි - ඉන්දියානු බැතිමතුන් 100 ක් පැමිණෙයි (PHOTOS)

පසුගිය දින දෙක තුළ කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ පැවති වාර්ෂික මංගල්‍යය සඳහා ඉන්දියානු බැතිමතුන් 100 දෙනෙකු පමණ සහභාගි වූ බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.

ශ්‍රී ලංකා පාර්ශවයෙන්ද ඊට සමාන බැතිමතුන් පිරිසක් සහභාගි වූ අතර, යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් රාකේෂ් නටරාජ් මහතා ද විශේෂ ආරාධිතයෙකු ලෙස ඊට සහභාගි වූ බවයි එමඟින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් බැතිමතුන් පිළිගත් අතර, ශාන්ත අන්තෝනි මුනිතුමන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙය ඊයේ (12) පවත්වා තිබෙනවා.

සාම්ප්‍රදායික මංගල්‍යය ඉන් පසු පැවැත්වුණේ දේවස්ථානයේ ධජය එසවීමෙන් අනතුරුවයි.

2020 වසරේදී කච්චතිව් වාර්ෂික මංගල්‍යය සඳහා ඉන්දීය බැතිමතුන් තුන් දහසක් පමණ සහභාගි වූ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මංගල්‍යය සිදු කර නැහැ.

මේ වසරේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව බැතිමතුන් සීමිත පිරිසකට කච්චතිව් වාර්ෂික මංගල්‍යය සඳහා සහභාගිවීමට ඉඩ සලසා දී තිබුණා.

Rate this item
(1 Vote)