May 04, 2024

මන්ත්‍රී "දිගා" අලියට යන කතාව අලි කට කථා ඒකකයේ අලි බොරුවක්

සමගි ජන බලවේගය නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා යළි සිය පක්ෂය සමඟ එක්වන බවට මේ දිනවල එක්සත් ජාතික පක්ෂය කට කතාවක් පතුරුවමින් සිටිනවා.

දිගම්බරම් මහතා මනෝ ගනේෂන් මහතා නායකත්වය දරන දෙමළ ප්‍රගතිශීලී සංවිධානයේ සාමාජික පක්ෂයක් වන කම්කරු ජාතික සංගමයේ නායකයාද වනවා.

පදනමක් නැති කතාවක්

දිගම්බරම් මහතා යළි එ.ජා.ප ය සමග එකතු වන බවට යන කටකතා පිළිබඳව සමගි ජන බලවේග අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ එය පදනමක් නැති කතාවක් බවය.

අන්ත පරාජිත එ.ජා.ප යට ගොස් දිගම්බරන් මහතා සහ ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් බලාපොරොත්තු වන දේශපාලන අනාගතය කුමක්දැයි එම ආරංචි මාර්ග ප්‍රශ්න කරන්නේ.

ඒ කතාව නම් විශ්වාස කරන්න පුළුවන්

දිගම්බරම් මහතා ආණ්ඩුව සමග එක්වන්නට යනවා යැයි ප්‍රකාශ කරන්නේ නම් එහි යම් දුරකට විශ්වාස කළ හැකි බව පෙන්වා දෙන එම ආරංචිමාර්ග සඳහන් කරන්නේ ආණ්ඩුවකට එක්ව සිය ජන කොටස වෙනුවෙන් යම් සේවයක් කළ හැකි යැයි පදනමක් එහි තිබෙන බවයි.

එහෙත් ජීවන් තොණ්ඩමාන් රාජ්‍ය අමාත්‍යවරයා කිසි විටෙකත් තමන් නියෝජනය කරන නුවරඑළිය දිස්ත්‍රික්කයම නියෝජනය කරන දිගම්බරම් මහතාට ආණ්ඩුවට එක්වීමට කිසි විටෙකත් ඉඩ නොතබන බවයි එම ආරංචි මාර්ග අවධාරණය කරන්නේ.

අරමුණ අවුලක් ගොඩනැගීම

මේ කතාව සමගි ජන බලවේගය තුළ යම් අසමගියක් හා අවුලක් ගොඩනැඟීම සඳහා එජාපයේ සුපුරුදු කට කතා ඒකකයේ විසින් ගොතන ලද්දක් බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙරද පක්ෂය තුළ කටකථා ඒකකයක් නිර්මාණය කළ අතර එය මංගල සමරවීර මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වූවක්.

කළ කිරීමක් තිබෙන බව ඇත්ත

එහෙත් පලනි දිගම්බරම් මහතා සමගි ජන බලවේගය තුළ යම් කලකිරුණු ස්වරූපයකින් සිටින බව සත්‍යයක් බවයි එම ආරංචි මාර්ග තහවුරු කරන්නේ.

සිය මන්ත්‍රී ධුර බේරා ගැනීම සඳහා සමගි ජන බලවේගය සමග සිට එක්සත් ජාතික පක්ෂයට යළි ගිය පළාත් පාලන මන්ත්‍රීවරුන් සියල්ලන්ම සිය නිල කාලය අවසන් වීමෙන් පසු යළි සමගි ජන බලවේගය සමග එක් වීම හැකිනම් වලක්වන ලෙස ද එම ආරංචි මාර්ග එ.ජා.ප යට අභියෝගයක්ද කරනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 16 July 2021 01:06