May 04, 2024

කබ්රාල් බැසිල්ට යවපු ලිපි 9 ක් ගැන කැරලි පිලෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් Featured

රට මුහුණ දී සිටින කැමැත්ත ආර්ථික අර්බුද සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා හා මුදල් ඇමතිවරයා අතර හුවමාරු ලිපි ගනුදෙනුවක් පිලිබද තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.

රට මුහුණ දී සිටින තත්ත්වය හමුවේ ගත යුතු තීන්දු මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් ඇමතිවරයාට මීට මාස හයකට පෙර සිටම ලිඛිතවම යැවූ බව එම හෙළිදරව්වට ඇතුළත්.

යැවූ ලිපි සංඛ්‍යාව

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාට එසේ යැවූ ලියුම් සංඛ්‍යාව 9 ක්.

එසේ ලිඛිතව යැවූ යෝජනා එකකටවත් මුදල් ඇමතිවරයාගේ මහබැංකු අධිපතිවරයාට ප්‍රතිචාර ලැබී නැති බවත් අනාවරණය වනවා.

එපමණක් නොව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහ බැංකු අධිපතිවරයාට මුදල් ඇමතිවරයා මුණ ගැසීමට වේලාවක් පවා ලබා දී නොමැති බවත් සඳහන් වනවා.

මහ බැංකු අධිපති

මෙම කරුණු හෙළිදරව් කරන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා.

ඒ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 ක සහභාගිත්වයෙන් පැවැති "මුළු රටම එකම මගට" ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවය අමතමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ රටේ මහ බැංකු අධිපතිවරයාට මුදල් ඇමතිවරයා මුණ ගැසීමට වේලාවක් නැතිනම් ඉන් හැගී යන්නේ "රටට කෙලවෙනකන් බලා සිටීම" බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 March 2022 11:29