May 04, 2024

මොළ හතේ උද්දච්ච මානසිකත්වයට මේ අභියෝගය ජය ගන්න බැහැ: විමල්ගෙන් දැවැන්ත ප්‍රහාරයක්

රටේ තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳව පාලකයන්ට අවබෝධයක් නොමැති බව විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කරනවා.

ආණ්ඩුවද මේ තත්ත්වය පිළිබඳව බැරෑරුම් සාකච්ඡාවක නිරත නොවන බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

පළමු පියවර

මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පියවර කිහිපයක් ගත යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා විශේෂඥයන්ගේ සහාය ගැනීම එහි පළමු පියවර ලෙස පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා එසේ සඳහන් කළේ මොල 7 ක දැනුමක් තමාට තිබෙනවා යැයි සිතන පුද්ගලයෙකු වත්මන් ආර්ථික අර්බුදයට මුහුණදීමේදී එය කිසිවකුගේ සහාය නොමැතිව තමන්ට තනියෙන් කළ හැකි බව සිතන බවද මතක් කර දෙමින්.

එහෙත් උද්දච්ච මානසිකත්වයට මේ අභියෝගය ජයගැනීමට නොහැකි බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

මොල හත

මොළ 7 තිබෙන පුද්ගලයා ලෙස හැඳින්වෙන්නේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා බව ප්‍රසිද්ධ කරුණක්.

දැන් කළ යුතුව තිබෙන්නේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සැලැස්මක් නිර්මාණය කොට එය රටට ණය දීපු පාර්ශවයට ඉදිරිපත් කිරීම බව වීරවංශ මහතාගේ මතයයි.

එසේ ඉදිරිපත් කොට අපට දැන් ණය ගෙවීමට නොහැකි බවත් ඒ ණය ගෙවීම සඳහා සැලස්මක් තිබෙන බව එම පාර්ශව වලට දැනුම් දිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

විමල් වීරවංශ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ "මුළු රටම එක මගට" ප්‍රකාශනය සමාජගත කිරීමේ උත්සවය අමතමින්.

ආන්ඩුවේ සන්ධානගත පක්ෂ 11 ක් විසින් සම්පාදිත මෙම ප්‍රකාශනය ඊයේ (2) එළිදැක්වූවා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 03 March 2022 16:01