April 27, 2024

ආණ්ඩුවේ බහුතරය නැති කරන්න විමල්ගෙන් සැලසුමක්

නුදරු දිනකදීම ආණ්ඩුවට 113ක බහුතරය අහිමි කරවන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ විමල් වීරවංශ මහතා සඳහන් කරනවා.

මුදල් ඇමැතිවරයා උද්දච්ජ ලෙස කටයුතු කරන බවත්, 113ක බහුතරය අහිමි කොට මෙම උද්දච්ජ ආණ්ඩුව ගෙදර යවන බවත් ඒ මහතා කියා සිටියා.

හවුල්කාර පක්ෂ 11 ඇතුළුව ආණ්ඩුව පිළිබඳ කලකිරුණු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ද ආණ්ඩුවේ බලය අහිමි කිරීමට එක්වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී පාර්ලිමේන්තුවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල කියා සිටියේ තවත් මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ආණ්ඩුවට බහුතරය අහිමි වන බවයි.

අද (24) මහනුවර මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් වෙත 'මුළු රටම හරිමගට' ජාතික වැඩපිළිවෙළ පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ අවධාරණය කළා.

එහිදී ඒ මහතා මෙසේද අදහස් දක්වා සිටියා,

"රනිල් වික්‍රමසිංහ මහත්තයාව පාවිච්චි කරනවාද, එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමැත්තෙන් පාවිච්චි වෙනවාද, කියන එක මෙතැන වැදගත් නැහැ. කොහොම නමුත් එම සර්ව පාක්ෂික සමුළුවේදීත් මුදල් අමාත්‍යවරයාගේ හැසිරීමෙන් පෙන්වූ දෙයයි වැදගත්. සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ හැමෝම එකතු වෙලා, සමගි වෙලා වැඩ කරන්න. එකතු වෙලා, සමගි වෙලා වැඩ කිරීම කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍යවරයකුට 'ඔයා' කියා කතා කරන්න තරම් තමන් උද්දච්ච මිනිහෙක් බව මුදල් අමාත්‍යවරයා එහිදී පෙන්වූවා. එතැනදීත් මුදල් අමාත්‍යවරයාට අවශ්‍ය සමගිය නොවෙයි ගැටුම. මෙහෙම අවලස්සන, උද්දච්ච ඇමරිකානුවකු තියාගෙන අපේ රටට ඉදිරියට යන්න බැහැ. අපි ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට තිබෙන 113ක බහුතරය නැති කරනවා, ඔය උද්දච්ච පාලනය අවසන් කිරීමට."

"අනේ මේ ඔය මොන රාජපක්ෂ කෙනෙක්වත් මේ රටේ පාලනතන්ත්‍රයට ගෙනඒමට අපි නම් ජීවිතේට කඩේ යන්න බලාපොරොත්තුවක් නැහැ. අපි මෙහෙම ක්‍රියාමාර්ගයක් ගැනීම නිසා විපක්ෂයේ ඇතැමුන් තමන්ට තිබෙන 'මාකට් ෂෙයා' එකට පහර වදීවි කියා බිය වී සිටින නිසයි එහෙම බොරු පද හදන්නේ. අපි මේ රටට ආදරේ නිසයි දේශපාලනය කරන්නේ, අපේ තනතුරු ගැන වද නොවෙන්නේ, තනතුරු අත්හරින මානසිකත්වයක් අපට තිබෙන්නේ. ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනේ මේ වැරැද්ද දැකදැක ඔහේ සිටියානම්. ඒ වැරැද්දට එරෙහිව නැගිටපු අපට සමාව ඉල්ලන්න අවශ්‍යතාවක් නැහැ. අපි එදත් කිව්වා, අපි පත් කරන ආණ්ඩුව වැරැද්දක් කළොත් ඊට එරෙහිව හිටගන්නවා, කියා. එහෙම කියලා ඒක නොකර හිටියොත් තමයි සමාව ගත යුත්තේ. සජිත් ප්‍රේමදාස හදන්න ගිය 'සුරංගනා ලෝකයට' වඩා මේ හැදිච්ච සුරංගනා ලෝකය භයානකකමින් අඩුයි. එයා හදන්න ගිය සුරංගනා ලෝකය හැදුණා නම් මෙහෙමවත් රට ඉතිරි වෙන්නේ නැහැ."

 

Rate this item
(0 votes)
Last modified on Friday, 25 March 2022 19:39