April 27, 2024

ඉම්රාන් ඛාන් අන්තිමට විමල් වීරවංශගේ තැනටම වැටෙයි

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වූ විවාදය ඊයේ (31) ආරම්භ කොට එළඹෙන 4 වෙනි දින ඡන්දය විමසීමට නියමිතව තිබුන මුත් නවතම විදෙස් මාධ්‍ය වාර්තා වලින් දැක්වෙන්නේ එම විවාදය කල් ගොස් ඇති බවයි.

අවශ්‍ය සහය

විස්වාසභංගය ජයගැනීම සඳහා විපක්ෂයට මන්ත්‍රීවරු 342 කින් සමන්විත පාකිස්තාන ජාතික සභාවේ (පාර්ලිමේන්තුව) මන්ත්‍රීවරු 172 කගේ සහය අවශ්‍ය වනවා.

මේ වන විට ඉම්රාන් ඛාන් මහතාගේ පක්ෂයේ පිරිසක්ද විපක්ෂය සමග එකතු වී සිටින අතර ඒ පිරිසත් සමග විපක්ෂයට මේ වන විට ඡන්ද 175 ක් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉම්රාන් ඛාන් මහතා තමන්ට එරෙහිව ගෙන එන මෙම විශ්වාසභංගය ගැන දරන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා දැරූ මතයට සමාන මතයක්.

ඇමරිකානු කුමන්ත්‍රණය

ඔහුද සඳහන් කරන්නේ තමන්ට එරෙහි මෙම වැඩපිළිවෙල විදේශ කුමන්ත්‍රණයක් බවයි.

වීරවංශ මහතාද විදේශ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන්නේ.

තමාට එරෙහි විදේශ කුමන්ත්‍රණය ඇමරිකාව විසින් දියත් කරන බවටයි ඉම්රාන් ඛාන් මහතා චෝදනා කරන්නේ.

විදෙස් ප්‍රතිපත්තිය

ඊට හේතුව තමන් අනුගමනය කළ විදෙස් ප්‍රතිපත්තිය බව අනාවරණය කරන ඉම්රාන් ඛාන් මහතා එය පදනම් කොටගෙන තමාව බලයෙන් පහ කිරීමට ඇමරිකාව විපක්ෂය සමඟ එක්ව කටයුතු කරන බව අවධාරණය කරනවා.

ඔහු වැඩිදුරටත් වැඩි දුරටත් සඳහන් කරන්නේ ඇමරිකාව තුන් වතාවක් අගමැති වූ නවාෂ් ෂරීෆ් සහ ඝාතනය වූ බෙනාසීර් භූතෝ මහත්මියගේ ස්වාමි පුරුෂයා වන අසීෆ් සර්දාරි සමග එකතුව එම කුමන්ත්‍රණ කරන බවයි.

එම චෝදනාව ඇමරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව මේ වන විටත් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Friday, 01 April 2022 13:09