May 04, 2024

"මුළු රටම හරි මගට" විමල් පිලේ අලුත්ම අන්දන වැඩේ හෙට

හෙට මාර්තු දෙවැනිදා.

එදිනට "මුළු රටම හරි මගට" මැයෙන් වූ ප්‍රකාශනයක් ආණ්ඩුවේම සන්ධානගත පක්ෂ 11 ක් විසින් එළි දැක්වීමට නියමිතයි.

අලුත් වැඩේ

ඒ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ශාලාවකදී.

ජාතික ප්‍රකාශනයක් නමින් එහි නිර්මාතෘවරුන් විසින් හඳුන්වන මෙම ප්‍රකාශනය විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන ඇමැතිවරුන් ප්‍රමුඛ කණ්ඩායමේ තවත් වැඩක්.

රට මුහුණ දී සිටින බරපතළ ආර්ථික අර්බුදයට කෙටි කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් සොයන මෙම ප්‍රකාශනයෙන් මෙරට ආර්ථිකයේ පදනම ශක්තිමත් කොට බහුතරයක් ජනතාවට ආර්ථික ඉඩ ප්‍රස්ථා සලසමින් සමාජ සාධාරණත්වය තහවුරු කරන ආර්ථික ආකෘතියක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව එහි නිර්මාතෘවරුන් ප්‍රකාශ කරනවා.

ප්‍රකාශනයේ හිමිකරුවන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, යුතුකම ජාතික සංවිධානය, විජයධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 11 ක් විසින් මෙම ප්‍රකාශනය සකසා තිබෙනවා.

මෙම ප්‍රකාශන ඉදිරිපත් කරන කණ්ඩායම ආණ්ඩුව තුළ සිටිමින් ඇමැති ධුර දරමින්, වරප්‍රසාද ලබමින් ආණ්ඩුවට විරුද්ධවම කටයුතු කරන අයුරුයි දක්නට ලැබෙන්නේ.

එය ආණ්ඩුවට එරෙහි ජනමතය ආණ්ඩුව තුළම රඳවා තබා ගැනීම සඳහා ආණ්ඩුවේ ඉහල තැන් වල ආශිර්වාදය හා දැනුවත්කම මත කරන වැඩපිළිවෙළක් ලෙසටත් ජනමතයක් මේ වන විට ගොඩනැඟී තිබෙනවා.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 01 March 2022 10:14