May 18, 2024

මහා ශිව රාත්‍රිය අදයි Featured

ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යය වන මහා ශිව රාත්‍රිය අදට (01) යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ මහා ශිව රාත්‍රියේ අධ්‍යාත්මික පණිවුඩය එකිනෙකා අතර සාමුහික බව තවදුරටත් ශක්තිමත් කරන බවයි.

එමෙන්ම, සමෘද්ධිය හා සශ්‍රීකත්වයේ අපේක්ෂාව ද මහා ශිව රාත්‍රිය හා බැදී පවතින බවයි ජනාධිපතිවරයා විසින් නිකුත් කළ පණිවුඩයේ දැක්වෙන්නේ.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මහා ශිව රාත්‍රිය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ විමුක්තිය සොයා යන සියළුම හින්දු භක්තිකයන්ට මහා ශිව රාත්‍රී දින උපවාසය අධ්‍යාත්මික වශයෙන් ශුද්ධ වූ චාරිත්‍රයක් බවයි.

ශක්තිමත් අනාගතයක් උදෙසා ජීවත් වීමේ අභිලාෂයන් නිවැරදිව මුදුන් පමුණුවා ගැනීමට මහා ශිව රාත්‍රී දින උපවාසය ඉතා වැදගත් වනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 March 2022 09:54