April 28, 2024

විමල් යළි ජවිපෙට? බිමල් දුන්න පිළිතුර

December 31, 2021

විමල් වීරවංශ මහතාට ජනතා විමුක්ති පෙරමුණේ කොන්දේසි පිළිගන්නේ නම් යළි පක්ෂයට පැමිණිය හැකි බවට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කළ ප්‍රකාශයට විශාල ප්‍රචාරයට ලැබුණා.

ජ.වි.පෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන ජයතිස්ස මහතා කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන්  ඒෂියන් මිරර් ජ.වි.පෙ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතාගෙන් විමසීමක් කළා.

ප්‍රකාශය උපුටා ගැනීම

ඒ  ඒෂියන් මිරර් සමග ඔහු පැවැත්වූ සාකච්ඡාවේදී.

ජයතිස්ස මහතා සඳහන් කළ ප්‍රකාශය වැරදි ආකාරයට උපුටා දක්වා ඇති බවයි එහිදී රත්නායක මහතා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් බොහෝ පිරිස් පක්ෂයෙන් ප්‍රශ්න කළ බවත් ඔහු අනාවරණය කරනවා.

දූෂිතයන් සමග ගනුදෙනු

දූෂිතයන් සමග යළිත් එකතු වී සම්ප්‍රදායික පාරෙම යාමට කටයුතු කරනවාදැයි එහිදී බොහෝ දෙනකු ප්‍රශ්න කළ බවයි රත්නායක මහතා අනාවරණය කරන්නේ.

කිසි විටෙකත් විමල් වීරවංශ සමග ගනුදෙනුවක් ඇති කරගන්නේ නැති බවත් එවැන්නෙක් පක්ෂයට ගැනීමට තරම් ජ.වි.පෙ ට අහේනියක් නැති බවත් රත්නායක මහතා පෙන්වා දෙනවා.

Rate this item
(3 votes)
Last modified on Friday, 31 December 2021 12:39