May 11, 2024

කුමාරි ඇල්ලට බිලි වූ එක් තරුණියකගේ සිරුර හමුවෙයි

December 31, 2021

හංවැල්ල තුම්මෝදර කුමාරි ඇල්ලේ දිය නාමින් සිටි තරුණියන් තිදෙනෙකු ඊයේ(30) සවස ජල පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් වූ අතර එලෙස අතුරුදහන් වූ 16 හැවිරිදි ශිෂ්‍යාවකගේ සිරුර ඊයේ රාත්‍රීයේම සොයා ගැනීමට හැකි වූ බව හංවැල්ල පොලිසිය පවසනවා.

අතුරුදහන් වූ 14 සහ 29 හැවිරිදි තරුණියන් දෙදෙනා තවමත් හමු වී නොමැති අතර හංවැල්ල පොලිසිය සහ යුද හමුදාව ප්‍රදේශවාසීන් හා එක්ව එම සිරුරු සෙවීමේ කටයුතු අද උදෑසන ආරම්භ කළ බවයි අප වාර්තාකරු පැවසූවේ.

හත් දෙනකුගෙන් සමන්විත පිරිසක් වත්තල සිට පැමිණ කුමාරි ඇල්ලේ දිය නාමින් සිට ඇති අතර වර්ෂාවත් සමග ඇති වූ විශාල ජල පහරක් නිසාවෙන් එම අවස්ථාවේ දිය නාමින් සිටි තරුණියන් තිදෙනා ජලපහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි වාර්තා වනවා.

යාපනය ප්‍රදේශයේ පිරිසක් මෙලෙස අතර ඥාති නිවසකට පැමිණ ඉන් අනතුරුව හංවැල්ල තුම්මෝදර කුමාරි ඇල්ලේ දිය නෑමට පැමිණි සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

මීගොඩ - බුද්ධික කුමාරසිරි

Rate this item
(0 votes)
Last modified on Friday, 31 December 2021 09:43