May 02, 2024

විශාල අනතුරක පෙර නිමිති පේනවා - ඥානසාර හිමි අනතුරු අඟවයි

December 28, 2021

මේ රටේ කිසිදු නායකයෙකු එක නිතියක් රටේ ක්‍රියාත්මක කිරිමට කටයුතු නොකල බවත්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම නිතිය බල ගැන්වීමට පියවර ගනිමින් සිටින බව පූජ්‍ය ගලබොඩඅත්තේ ඥනසාර හිමියන් පැවසුවා.

එක රටක් එක නීතියක් සදහා වු ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලබොඩඅත්තේ ඥනසාර හිමියන් ඒ බව පැවසුවේ හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ දි ඊයේ (27) හැටන් ප්‍රදේශයේ ජනතාවගේ අදහස් ලබා ගැනිමේ අවස්ථාවෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින්.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පූජ්‍ය ගලබොඩඅත්තේ ඥනසාර හිමියන් මෙසේ ද පැවසුවා,

"නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රශ්න පිලිබද යෝජනා අපිට ඉදිරිපත් වුණා. ඉඩම් ගැටළු, අධ්‍යාපන ගැටළු විශාල වශයෙන් අවධානයට යොමු වුණා. ජනතාවගේ පොදු අදහස තමයි සංවර්ධන අවස්ථාව සියළුම වාර්ගික ජනයාට සමාන ලැබිය යුතුයි කියන එක. අපේම නීති පද්ධතියක් හදන්න ඕනි, ආනනික නීති පද්ධතියකින් මේ රට හදන්න අපිට බැරි වෙලා තියෙනවා. විදේශිකයන් ගෙනාව නීති, අණ පනත් ඉවත් කරලා මේ රටේම නීතියක් හදන්න කියලා ජනතාව යෝජනා කරනවා.

රජයේ සංවර්ධන අරමුදල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ සහ ග්‍රාම නිලධාරි කොට්ඨාශ ජනගහණය අනුව සාධාරණව බෙදෙන්න ඕනි කියලා ජනතාවගෙන් කියවුණා. අනාගතයේ විශාල අනතුරක පෙර නිමිති අපිට පේනවා. පරිසර සම්පත් ආරක්ෂා කර ගැනිමට දැඩි නිති ඉදිරිපත් කරන ලෙසත් , එම නිති ක්‍රියාත්මක කරන ලෙසත් යෝජනා ඉදිරිපත් වුණා. අපි පරම්පරා ගණනක් තිස්සේ අපේ උරුමයන් මතු පරපුර වෙනුවෙන් රැක ගන්න සටන් කරපු ජාතියක්. නිදහසින් පසු බලයට පත් වුණු රජයන් ජාතික ප්‍රතිපත්ති කෙසේ වෙතත්, පක්ෂ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගිහින් රට වැටිලා තියෙන තැන අපි හැමෝටම පේනවා."

"ජනතාව ඉල්ලුවේ මේ රටට දේශපාලනයට සම්බන්ධ නොවු නිලධාරියෙක් පාලකයා වශයෙන් ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා එතුමා ඒක පෙන්නුවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති විය යුතුයි කියලා ජනතාවගෙන් තමයි යෝජනාව ආවේ. කිසිදු නායකයෙක් මේ වගේ එක නිතියක් හදන්න කටයුතු කලේ නැහැ. කලින් හිටපු පාලකයෝ තිබුණ නිතියෙන්ම තමයි කටයුතු කලේ. ජනාධිපතිවරයා අනාගත අභිවෘද්ධිය උදෙස් පදනම් සකස් කරමින් ඉන්නවා. ඒවා මහජනතාවට දැන ගන්න ලැබෙනවාද කියලා ගැටළුවක් තියෙනවා. අපි මේ කතා කරන ජාතික ගැටළු ජනතාවට මේ දවස් වල ගැටළු නොවන්නට පුළුවන්. ජනතාවට මේ දවස්වල තියෙන්නේ බඩ ගැන ප්‍රශ්නයක්, පොහොර නෑ, ගැස් නෑ.  නමුත් අපි උත්සහ දරනවා මේ අරගලය දිගටම සිදු කරන්න. මේ ජනාධිපතිවරයාට උවමනාව තියෙනවා. එතුමාට මේක කරන්න ශක්තිය තියෙනවා. අධිෂ්ඨානය තියෙනවා. අපි කරන්න බලාපොරොත්තු වුණ හුගාක් දේවල් වසංගතය නිසා කරන්න බැරි වුණා. ජනාධිපතිවරයා බලයට ඇවිල්ලා කෙටි කාලයෙන් ලෝකයම වසංගතයකට මුහුණ පෑවා. ලෝකයේ කිසිදු රටකට බැරි වුණා එන්නත් රටේ සියළුම ජනතාවට ලබා දෙන්න."

"ඒ රටවල් වහනවා අරිනවා , දඩ මුදල් නියම කරන්න සිදු වෙලා තියෙනවා. ලංකාවේ තුන්වෙනි මාත්‍රාව ලබා දිලා ඉවරයි. දුෂ්කර අවස්ථා තරණය කරලා තියෙනවා. ජාතික ප්‍රතිපත්ති සැකසිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා. කන්න, බොන්න මොනවා කරන්නත් රට තියෙන්න ඕනි. ජනාධිපතිවරයා තනි නායකයෙක්. ඒ නිසා අපි සාමුහික වශයෙන් සහයෝගය ලබා දෙන්න ඕනි රට වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න. අතිතයේ මිට වඩා දුෂ්කර අවස්ථා අපි පහු කරලා තියෙනවා. උසාවි නඩු පවත්වාගෙන යාම වෙනම කලාවක් , වෛද්‍ය සාෆි නැවත සේවයේ පිහිටු වන්නේ නැහැ කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා කියලා තියෙනවා. බෙදෙන්න ගිය රට අද එක්සේසත් වෙලා තියෙනවා. නානාප්‍රකාර නිති නිසා අපි වෙහෙසට පත් වෙලා තියෙනවා. පුද්ගල නීති යටත් විජිත පාලකයන් ආනයනය සදහා ගෙනාව නිති ලෝකයේ කොහේවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි තාම ක්‍රියාත්මක කරමින් ඉන්නවා. අච්චාරුවක් වුණ නිතිය වෙනස් කරන්න කාලය හරි. ඒ නිසා අපේම නිති පද්ධතියක් අපිට අවශ්‍යයි. මහජනතාව අතරේ මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් තියෙනවා. මේක ජනතාව අතරින්ම එන්න ඕනි. එතකොට මේක කල හැකියි." 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 December 2021 01:09

Related items