May 02, 2024

ඥානසාර හිමි යලි සටනේ - සෞදියේ කරපු දේ ලංකාවේ කරන්නැයි යෝජනාවක්

December 17, 2021

ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ මේ වන විට එක රටක් එක නීතියක් සඳහා වූ විශේෂ ජනපති කාර්ය සාධන බලකායේ සභාපති ධුරයේ කටයුතු කරනවා.

මේ වන විට උතුරු නැගෙනහිර දිස්ත්‍රික් කිහිපයක අදහස් ලබා ගනිමින් කටයුතු කරනවා.

එවැනි අවස්ථාවක මුස්ලිම් දේවස්ථානවලටද ගොස් අදහස් විමසීමට කටයුතු කර තිබුණා.

එම තනතුර ඥානසාර ස්වාමින් වහන්සේට ලබා දීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ සියලුදෙනාම සිය අකමැත්ත ප්‍රකාශ කර තිබුණා.

බොදු බල සංවිධානය සක්‍රිය කරමින් යලි ඥානසාර හාමුදුරුවන් මාධ්‍ය හමුවක් කැඳවමින් ඥානසාර හිමියන් දැඩිව ප්‍රකාශ කර සිටියේ සෞදි රජය අන්තවාදී සංවිධාන තහනම් කර ඇති පසුබිමක ලංකාව ද අන්තවාදී සංවිධාන තහනම් කල යුතු බවයි.

"සෞදි අරාබියාවේ සල්මාන් කුමරු විසින් එරට තුල ක්‍රියාත්මක වන තබ්ලික් ජමාත් සංවිධානය සහ ඊට සමගාමිව ක්‍රියාත්මක වන දවා සංකල්පයත් තහනමට ලක් කරලා තියෙනවා. අපි අවුරුදු 10කට කලින් ඉදලා කිව්වා මේ රටේ ක්‍රියාත්මක වන ඉස්ලාම් නාමයෙන් එන මේ අන්තවාදී මුල ධර්මවාදී කල්ලි කණ්ඩායම්වලට මඟ පෙන්වීම කරන්නේ ඒ අය‍ට අවශ්‍ය කරන දේශපාලන රැකවරණය සපයන්නේ අන් කවරෙක්වත් නෙවෙයි මේ තබ්ලික් ජමාත් ව්‍යාපාරය කියලා. මේ හැමෝටම ආගමික නායකත්වය සපයන ජමියතෙල් උලමා සංවිධානය සභාපති රිෆ්දීමුෆ්දී මහත්මයා පබ්ලික් ජමාත් සංවිධානයේ නායකයා. ඔහු තමයි උලමා සභාවේ නායකයා. ඉතින් අපි මේ තබ්ලික් ජමාත් සංවිධානය හදුන්වන්නේ ඇත්තටම මහ මොළකරුවන් හැටියට. මොකද හේතුව ඒගොල්ලෝ තමයි මුස්ලිම් දරුවෝ වැරදි මඟ යැවීම සඳහා දොරටු විවර කරලා තියෙන්නේ. ඒකට විශාල චෝදනා ප්‍රමාණයක් තියෙනවා ඉතින් වහබ්වාදය පෝෂණය කරපු රටේ කුමාරයාම ඒක තේරුම් අරගෙන තමන්ගේ වැඩපිළිවෙලවල් අඩපණ කරන්න කියලා නීති රීති සකසලා ඒවා තහනම් කරද්දී අපේ රට තුළත් සහරාන් පන්නයේ උදවිය මරාගෙන මැරෙන තැනට තල්ලු කරපු වහබ්වාදය පෝෂණය කිරීමට උඩගෙඩි දීපු මේ නායකයන් සහ ඒගොල්ලන්ගේ සංවිධාන පවත්වාගෙන යන එක ඉතාම සංකීර්ණ වූ ප්‍රශ්නකාරී එකක්. මේ සෞදි රජය අරගෙන තියෙන වැඩපිළිවෙල ඒ වගේම සෞදි රජය නිකුත් කරලා තියෙන නිවේදනය බරපතල විදියට සලකන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් වගේම ආරක්ෂක අංශ වලින් ඉල්ලා හිටිනවා."

ඥානසාර හිමියන්ගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද පසුගිය දිනවල අන්තර්ජාලයේ දැඩි ලෙස සාකච්ජාවට ලක් වුණා.

එහිදී මිණිපුර අමා ශාන්ති තපෝවන ශාඛා විහාරාධිපති පූජ්‍ය රතන හිමියන් සහ ඥානසාර හිමියන් අතර ඇති වූ දුරකථන සංවාදයක් මෙලෙස අන්තර්ජාලයේ සැරිසැරුවා.

ඒ සම්බන්ධයෙන් ද සමාජයේ පක්ෂ විපක්ෂ සියලුදෙනාගේ දැඩි විවේචනයක් එල්ල වෙමින් තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 17 December 2021 18:00

Related items