May 02, 2024

සභාපති පුටුවේ සැප ගැන ඥානසාර හිමි කියයි Featured

December 18, 2021

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහකට ලක් වුයේ මිට වසර කිහිපයකට පෙර අන්තවාදී මුස්ලිම් සංවිධාන සඳහා අදහස් පළ කිරීමෙන් අනතුරුවයි.

ඉන්පසු ඥානසාර හිමියන් දිගින් දිගටම සිංහල බෞද්ධයන් වෙනුවෙන් සහ අන්තවාදී සංවිධාන වෙනුවෙන් අදහස් පළ කළා.

ඉන්පසු ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිට පසුගිය යහපාලන රජය සමයේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා උන්වහන්සේට ජනපති සමාව ලබා දුන්නා. 

ඉන් අනතුරුව නැවතත් ඥානසාර හිමියන් නිහඬව කාලයක් ගත කළද පසුව නැවතත් සමාජයේ කතාබහට ලක් වුණා. විශේෂයෙන්ම පසුගිය මැතිවරණයේදී අපේ ජනබල පක්ෂය පිහිටුවමින් මැතිවරණයට ඉදිරිපත් වුණා. ඉන් අනතුරුව එම පක්ෂයට ලැබුණු බෝනස් ආසන මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ද දැඩි ගැටලුකාරී තත්වයක් මතු වෙමින් ඥානසාර හිමියන් නැවතත් දේශපාලන වශයෙන් සාකච්ජාවට ලක් වුණා. 

ඉන් අනතුරුව පක්ෂයෙන් තීරණය කර තිබුණේ පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එම මන්ත්‍රී ධුරය ලබා දීමටයි. ඉන්පසු නැවතත් ඥානසාර හිමියන්ට එම මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා සාකච්ජා සහ අදහස් පළ කර තිබුණ ද එම මන්ත්‍රී ධුරය ඥානසාර හිමියන්ට ලැබුණේ නැහැ.

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා රටක් එක නීතියක් සඳහා වූ විශේෂ ජනපති කාර්ය සාධන බලකායේ සභාපති ධුරය සඳහා ඥානසාර හිමියන්ව පත් කරනු ලැබුවා.

එම පත් කිරීමෙන් අනතුරුව ඥානසාර හිමියන් සහ එම බලකායේ සාමාජිකයන් එම කමිටුවට භාර දී ඇති කර්තව්‍ය ඉෂ්ඨ කර ගැනීම සඳහා අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංචාරයේ නිරත වුණා. එහිදී ජනතාවගේ අදහස් ලබා ගැනීමට එම කමිටුවේ සාමාජිකයන් කටයුතු කළ අතර එහිදී විවිධාකාරයේ චෝදනා සහ යෝජනා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ලැබුණා. විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාවගේ ඇතැම් අය අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙවැනි එක රටක් එක නීතියක් සඳහා වූ විශේෂ ජනපති කාර්ය සාධන බලකායට ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් පුදුම වන බවයි.

විශේෂයෙන්ම ඒ සඳහා ඥානසාර හිමියන්ට ආණ්ඩුවෙන් ලැබුණු වරප්‍රසාදයක් ලෙස හුවා දැක්වීමට විපක්ෂයේ ඇතැම් පිරිස් කටයුතු කර තිබුණා. නමුත් මේ සම්බන්ධයෙන් ඥානසාර හිමියන් ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට එම සභාපති ධුරය සහ එම වැඩකටයුතු කරගෙන යාමට ලැබෙන පහසුකම් සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඒ අනුව උන්වහන්සේ මෙසේ ද සඳහන් කළා.

"ජනාධිපතිතුමා අපිට මේ වගකීම භාර දුන්නේ සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් දැන් කටයුතු කරගෙන යනවා. සියලුම දිස්ත්‍රික්ක අපිට ආවරණය කරන්න ලැබුණා. ඒගොල්ලෝ දිගින් දිගටම කියා සිටියේ ඇත්තටම රට එක වුණාට ඒ ඒ පළාත් වලට ඒ ඒ දිස්ත්‍රික්කවලට ගියාට පස්සේ මහ ආණ්ඩුවේ තීන්දු ක්‍රියාත්මක නොවෙනවා. ඒ වගේම අපි යෝජනාවලිය ටික ටික සකස් කරමින් ඉන්නවා. අපිට නීති හදන්න බැහැනේ. නීති කෙටුම්පත් හදන තැනක් තියෙනවා. අපිට භාර දීලා තියෙන්නේ එක රටක් එක නීතියක් කියලා කියන්නේ මොකක්ද? මේ සංකල්පය ඉදිරිපත් කරන්න ජනාධිපතිතුමාට යෝජනාවක් හැටියට. අපිට බැහැ මොනම ආගමික කණ්ඩායමකවත් සිරිත් විරිත් පාලනය කරන්න අපිට බැහැ. හැබැයි රටේ පොදු නීතියට අනුගත විය යුතු කාරණා තියෙනවා. ලිපි ලේඛන පවත්වාගෙන යාම සඳහා පමණක් කාර්යාලයක් ලැබිලා තියෙනවා. අනිත් සියලුම වියහියදම් ගමනකට පවා තෙල් ටික ගහ ගන්නේ අපි. ආණ්ඩුවෙන් සත පහක මුදලක් අපි ගන්නේ නැහැ. ඒක අපේ ප්‍රතිපත්තියක්. එක සතයක්වත් මහජන බදු මුදල් අපි ගන්නේ නැහැ. වැඩේ කරන නොකරන එක ජනාධිපතිතුමාගේ වැඩක්. ආණ්ඩුවේ වැඩක්නේ. අපිට මේ සංකල්ප පත්‍රිකාව හදන්න කියපු එකම අපි ලබපු ජයග්‍රහණයක්."

Rate this item
(0 votes)
Last modified on Friday, 17 December 2021 21:51

Related items