May 01, 2024

හිටපු ඇමති රවී සහ ඇලෝසියස් බැඳුම්කර චෝදනා වලින් නිදහස්

December 06, 2021

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගම හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන්  11දෙනකුට එරෙහි චෝදනා 22 යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවක් චෝදනා 11කින් එම විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළා.

මෙම නඩු විභාගය අරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඇතුළු නීතිඥ මඩුල්ල මතු කළ මූලික විරෝධාවක් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල එසේ තීරණය කළා.

අමල් රණරාජා (සභාපති) නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම විනිසුරු මඩුල්ල අදාල නියෝගය ප්‍රකාශයට පත් කළා.

Rate this item
(0 votes)

Related items