May 01, 2024

හිටපු ඇමති රවී සති දෙකෙන් කෝටි 40 ක් හොයන්න රෙඩි

September 15, 2021

හිටපු අමාත්‍යවරයකු වූ රවි කරුණානායක මහතා ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙකුගෙන් හා මන්ත්‍රීවරියකගෙන් රු. කෝටි 40 ක වන්දියක් ඉල්ලා එන්තරවාසි ලබා තිබෙනවා.

ඒ තමාගේ සහ තම පවුලේ කීර්තිනාමයට හානි කිරීම සම්බන්ධයෙන් එක් අයෙකුගෙන් රු. කෝටි 20 බැගින් වන්දි ඉල්ලමින්.

රාජ්‍ය ඇමති සහ මන්ත්‍රීවරිය

මෙසේ එන්තරවාසි යවා තිබෙන්නේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ පර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන කෝකිල ගුණවර්ධන මහත්මිය වෙතටයි.

මේ දෙපළ රටේ ප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනී  නාලිකා දෙකකදී සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් ජනතාව නොමඟ හැරීමෙ අභිලාෂයෙන් සිදුකළ අසත්‍ය ප්‍රකාශයන් පදනම් කොටගෙනයි කරුණානායක මහතා මෙම වන්දි මුදල ඉල්ලා තිබෙන්නේ.

සීනි බදු වංචාව

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ දී සීනි සඳහා බදු අඩු කිරීම , සීනි ආනයනය ගබඩාකරනය වංචනික ලෙස සිදු කිරීම , ළඟම මිතුරන් සහ සමාගම් වලට සීනි ආනයනය වෙනුවෙන් තම ගබඩා පහසුකම් ලබා දීම ආදී වංචනික ක්‍රියාවන් රැසක් තමා සිදු කළ බවට මෙම රාජ්‍ය අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරිය ප්‍රකාශ කිරිම සිය වන්දි ඉල්ලීමට හේතු වූ කරුණු ලෙස කරුණානායක මහතා පෙන්වා දෙනවා.

සිය දියණියට අයත් සමාගමක් වෙතද පසුගියදා මෙවැනිම අසත්‍යය චෝදනා එල්ල කළ බවද පෙන්වා දෙන කරුණානායක මහතා ඒ ගැන මාධ්‍ය නිවේදනයක් මගින් කරුණු දක්වා තිබියදීත් නැවත නැවතත් ඒ සම්බන්ධයෙන් දූෂමාන ආරංචි හරින බවයි කරුණානායක මහතා අවධාරණය කරන්නේ.

අදාල වන්දි මුදල සති 2ක් ඇතුළත ගෙවන ලෙසද එසේ නොගෙවන්නේ නම් රාජ්‍ය අමාත්‍යවරයාට සහ මන්ත්‍රීවරියට විරුද්ධව ඉදිරි නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි එන්තරවාසිය හරහා කරුණානායක මහතා වැඩිදුරටත් දන්වා යවා තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 September 2021 07:52

Related items