May 05, 2024

සමාගම යළි ඇරඹීමට අර්ජුන් ඇලෝසියස්ට රජයෙන් අවසර

මෙන්ඩිස් සමාගම යළි ආරම්භ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව එම සමාගමෙහි මත්පැන් නිෂ්පාදන කටයුතු යළි ආරම්භ වීමට නියමිත යි.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසන්නේ රජයට ගෙවිය යුතු හිඟ බදු ප්‍රමාණය වසර 02ක් ඇතුළත ගෙවා අවසන් කිරීමේ එකඟතාව මත මෙම අවසරය ලබාදුන් බව යි.

2018 වසරේ සිට මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සදහා ලබා දී තිබු අවසරය අහෝසි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණේ බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන්.

හිඟ බදු මුදල් යලි රජයට ගෙවීමට සමාගම එකඟ වූ බවත්, ඒ අනුව මුදල් අමාත්‍යංශය සමග ද සාකච්ඡා කර මෙම අවසරය ලබා දුන් බවත් සුරාබදු කොමසාරිස්වරයා පවසනවා.

ආරම්භයක් වශයෙන් රුපියල් මිලියන පනහක හිඟ බදු සමාගම විසින් ගෙවා ඇති බව ද ඔහු සඳහන් කරනවා. 

සම්පූර්ණ හිඟ මුදල වසර දෙකක් ඇතුළත ගෙවීමට එකඟතාවය පළ වී ඇති බව යි වැඩිදුරටත් වාර්තා වන්නේ.

එමෙන්ම තවත් සති තුනක් ඇතුළත රුපියල් මිලියන පනහක් ගෙවීමට නියමිතබව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටියා.

මෙන්ඩිස් සමාගමේ හිමිකාරීත්වය ඇත්තේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බව පැවසෙන අර්ජුන් ඇලෝසියස් හට යි.

අර්ජුන් ඇලෝසියස් යනු, එම සිද්ධියට සම්බන්ධව මේවන විට මෙරටින් පළා ගොස් සැඟවී සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා ද වනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 06 July 2021 11:44