May 04, 2024

"රාජපක්ෂවරුන් බලයේ සිටිනතෙක් අර්ජුන් මහේන්ද්‍රන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ - මේක දේශපාලන වංචාවක්"

ඊයේ (26) දිනයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කර සිටියේ මෙම ආණ්ඩුව විසින් වලංගු ව්‍යාපෘති අවලංගු කරමින් සිටින බවයි.

ඔහු එහිදී කියා සිටියේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා දායකයේ බලය, අධිකරණයේ බලය කැටි කරගත් බවයි.

ජනාධිපතිවරයා විසින් වැඩ කිරීමට බලය ඉල්ලු බවත්, දැන් වැඩ ජනාධිපතිවරයා විසින් වැඩ කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

මේ වන විට ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් වසරක් ගෙවී යාමට ආසන්න වූවත් එම කාලය තුළ කිසිදු වැඩක් නොදැක්ක බවද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

වලංගු ප්‍රධාන ව්‍යාපෘති සියල්ල අවලංගු කරනවා මිසක් වලංගු එක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා තමන් නොදුටු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම රජය බලයට පත් වීම සඳහා රට තුළ මිථ්‍යා මත ගොඩ නැඟු බව පවසන පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්ව කනෙන් ඇඳන් එමට හෝ තප්පර 05කට අත්අඩංගුවට ගන්නට මෙම ආණ්ඩුවට හැකියාවක් ලැබී නොමැති බවයි.

රාජපක්ෂවරුන් බලයේ සිටින තෙක් අර්ජුන් මහේන්ද්‍රන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ නැති බවද තමන් පැහැදිළිවම ප්‍රකාශ කරන බවද, මෙය රටට කළ භයානකම, බරපතළම දේශපාලන වංචාවක් බවද මන්ත්‍රීවරයා එම මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.

තමන්ගේ ආණ්ඩුවක් තුළදී අර්ජුන් මහේන්ද්‍රන්ගේ මහ බැංකු වංචාවක් පමණක් නොව 2008 සිට කරන ලද සියලු වංචා දූෂණ සඳහා දඬුවම් ලබා දෙන බවද චම්පික රණවක මහතා පැවසීය. 

Rate this item
(1 Vote)