April 28, 2024

ආණ්ඩුවෙන් යන්න කියපු අයට දැන් ඉන්න කියයි : සාමූහික ගමනකට යෝජනා

December 06, 2021

ඉකුත් සති අන්තයේ පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම් පමණක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස්වුණා.

ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානගත පක්ෂවලට ආරාධනා කර තිබුනේ නැහැ.

වැදගත් තීන්දුව

එම රැස්වීමේදී ඉතා වැදගත් තීන්දුවක් ගෙන තිබෙනවා.

ඒ ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී.ල.නි.පය ඇතුළු හවුල්කාර පක්ෂවල සහයෝගය තවදුරටත් අවශ්‍ය බවට.

ඒ බව ප්‍රකාශ කර තිබෙන්නේ ඉන්දීය සංචාරය නිමා කර පැමිණි බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා.

මුදල් ඇමතිගේ දේශණය

එහිදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මන්ත්‍රී කණ්ඩායම අමතා විනාඩි 40ක දේශනයක් කළ බවයි දැනගන්නට තිබෙන්නේ.

ආණ්ඩුවේ සිටින සන්ධානගත පාර්ශව තමන්ට දොස් පැවරුවත් තමන් පෙරලා එසේ නොකරන බව එහිදී සඳහන් කර ඇති බැසිල් රාජපක්ෂ ඇමතිවරයා සමගියෙන් සියලූ දෙනා ඉදිරියට යෑම අත්‍යවශ්‍ය බව පෙන්වා දී තිබෙනවා.

ආණ්ඩුවේ සිටින ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන පොදුජන පෙරමුණ තුළ සිටින හවුල්කාර පක්ෂ නායකයින්ට ආණ්ඩුවෙන් ඉවත්වන ලෙසට පොදු ජන පෙරමුණ නියෝජනය කරන ඇමතිවරුන් පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබෙනවා.

ආණ්ඩුවේ ඇතැමුන්ගේ මතය

ඒ හැරුණු කොට පොදුජන පෙරමුණ නියෝජනය කරන ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ද සන්ධානගත පක්ෂවලට ආණ්ඩුවෙන් ඉවත් වෙන ලෙස ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනවා.

එහෙත් ඒ පිරිස තවමත් බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට අභියෝග කර නැහැ.

Rate this item
(0 votes)
Last modified on Monday, 06 December 2021 16:54