April 28, 2024

"අපි තනි ගමනක - වෙන පක්ෂ අපිට එපා" - ජවිපෙ කියයි

November 22, 2021

රට පාලනය කරන පක්ෂයට විනයක් තිබිය යුතු බවත්, විනයක් නැති පක්ෂයක් රට පාලනය කිරීම නිසා රටේ අර්බුධ රැසක් මතු වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික බිමල් රත්නායක මහතා පැවසුවා.

බිමල් රත්නායක මහතා මේ බැව් කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ රට වටා දියත් කර ඇති ගමෙන් පටන් ගමු යන වැඩසටහන ඊයේ (21) දින නාවලපිටිය ප්‍රදේශයේ පවත්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු බිමල් රත්නායක මහතා කියා සිටියේ විවිධ දේශපාලන පක්ෂ වල අය තම පක්ෂයට එරෙහිව විවිධ අවලාද නගන බවත්, තම පක්ෂය අනෙකුත් කිසිදු පක්ෂයක් සමග සම්බන්ධතාවයක් නොමැති බවත්, තම පක්ෂය ජනතාව අතර පැමිණෙන්නේ තනිවම බව බිමල් රත්නායක මහතා පැවසුවා.

මෙරටට ආනයනය කරන ලද නැනේ නයිට්‍රජන් පොහොර වලින් විශාල වංචාවක් සිදු කර ඇති බවයි බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Rate this item
(0 votes)