May 11, 2024

එළවළු ලොරිය පෙරළෙයි - තිදෙනෙකුට තුවාල (PHOTOS)

November 22, 2021

තලවකැලේ ආගරපතන සිට කොළඹ මැනිං වෙලදපොල දක්වා එලවළු ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් මාර්ගය හරහා පෙරලීමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා, රිය සහයකයා ඇතුළු තවත් එක් අයෙක් බරපතල තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසුවා.

ඊයේ (21) රාත්‍රි 10.30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයේදිය.

අධික වේගයෙන් ධාවනය වී ඇති ලොරි රථයේ වේගය පාලනය කරගත නොහැකිව ලොරි රථය පෙරලී ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

අනතුරට පත් ලොරි රථයේ ප්‍රවාහනය කරමින් තිබු එලවළු කිලෝ 5000 පමණ වෙනත් ලොරි රථයකින් කොළඹ මැනිං වෙලදපොල දක්වා ප්‍රවාහනය කල අතර , එම ලොරි රථයේ ප්‍රවාහනය කරමින් තිබු තේ කුඩු පාර්සල් කිහිපයක් කැඩි යාමෙන් ඉවතට විසිරුණු තේ කුඩු ප්‍රදේශවාසින් විසින් රැස් කර ගන්නා ආකාරය අප කැමරාවේ සටහන් වුණා.

අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසියේ රථ වාහන අංශය පරික්ෂණ පවත්වනවා.

Rate this item
(0 votes)