May 11, 2024

ඉන්ධන අර්බුදය දරුණුයි! වාහනයක තනියෙන් යාම තහනම් කරන්න රාජ්‍ය ඇමතිගෙන් යෝජනාවක්

November 22, 2021

මෙරට මහා මාර්ගයන්හි ගමන් ගන්නා වාහන වල අනිවාර්යෙන්ම තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු සිටිය යුතු බවට නීතියක් ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

එක් වාහනයක තනි පුද්ගලයා බැගින් ගමන් කිරීමේදි විශාල ඉන්ධන ප්‍රමාණයක් එම වාහන වලට වියදම් කිරීමට සිදුවන බවද ඔහු පෙන්වා දෙනවා.

වසරකට මෙරටට ඉන්ධන ගෙන්වීමට ඩොලර් බිලියන 7 ක මුදලක් වැය කරන බව ද එනිසා අත්‍යවශ්‍ය කාරණා වලට පමණක් වාහන භාවිතා කර සියලු දෙනාම අරපිරිමැස්මෙන් ඉන්ධන භාවිතයට හුරුවිය යුතු බවද ඇමැතිවරයා සඳහන් කළා.

තම වාහනය පාරට දැමීමට පෙර දෙවතාවක් කල්පනා කර බලන්න ඇයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මසකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක් පමණ සොයා ගැනීම සඳහා ලෝ වටා රටවල් වලට ණය වෙමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළා.

දැනටමත් ශ්‍රී ලංකාව භයානක තත්වයකට පැමිණ ඇති බවත් ඉදිරි අනාගතයේ දී මීටත් වඩා දරුණු තැනකට පත් වුණු ඇතැයිද ඇමැතිවරයා කියා සිටියා.

සියලු දෙනා තම නිවසේ පෝච්චියක හෝ කෑමට යමක් සිටුවා ගැනීමට වඩා සුදුසු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)