May 04, 2024

රවී ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

බැඳුම්කර වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තකරුවන් 08 දෙනා මේ මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අධිකරණය එම නියෝගය ලබාදුන්නේ 2016 වරේදී රුපියල් බිලියන 36 .89ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව අද (24) පස්වරුවේ විභාගයට ගත් අවස්ථාවේදීය. 

දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබා දී තිබේ.

Rate this item
(0 votes)