May 17, 2024

කිලිනොච්චියේ ඇලක මළ සිරුරක් (PHOTOS)

ඊයේ (27) කිලිනොච්චිය උරුතිපුරම් ප්‍රදේශයේ ඇලක තිබී මිය ගිය අයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.

උරුතිපුරම් ප්‍රදේශයේ ඇලක වයස්ගත පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු කිලිනොච්චිය පොලිසියට දැනුම්දී ඇති අතර ඉන්පසු පොලිසිය මැදිහත් වී එම මළ සිරුර ගොඩගෙන ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ උරුතිපුරම් සිවනගර්හි පදිංචි 75 හැවිරිදි එම්.ෂන්මුගම් නමැත්තෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කිලිනොච්චි පොලීසිය කියාසිටියේ අදලා පුද්ගලයා පාපැදියේ ගමන් ගන්නා විට ඇති වූ අසනීපයක් හේතුවෙන් මෙසේ ඇලට වැටී මිය යන්නට ඇති බවයි.

ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන කිලිනොච්චි පොලීසිය විසින් මෙහෙයවයි.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 July 2016 13:19