May 17, 2024

හිටපු ජනපතිගේ කතාව අහන්න විදුලි කණුවට නැගි අයෙක් එතනම මියගිය හැටි (VIDEO)

අධිබලැති විදුලි රැහැන් ගෙන යන විදුලි කණුවකට නැගි පුද්ගලයෙකු විදුලි සැර වැදී මියයන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

මෙම පුද්ගලයා මෙසේ මියගොස් ඇත්තේ බ්‍රසීලයේ හිටපු ජනපතිනියකගේ දේශණයකට සවන් දීමට අදාළ විදුලි කණුවට නැගීමේ දී බව යි පැවසෙන්නේ.

අවට රැස්ව සිටි පිරිස ඔහුව වලක්වාලන්නට උත්සහ කළත් ඔවුන්ගේ අදහස්වලට කන් නොදී ඔහු විදුලි කණුව මුදුනටම නැගීමට උත්සහ කරන ආකාරය වීඩියෝවේ දක්නට ලැබෙනවා.

අවසානයේ තම සිරුර හරහා ගිනි පුපුරු නංවමින් අධිබලැති විදුලි ධාරාවක් ගමන් කිරීමෙන් ඔහු මැරී වැටෙනවා.

එම වීඩියෝ පහතින් > > >

(සංවේදී දර්ශන සහිත යි) 

Rate this item
(1 Vote)