May 17, 2024

මහනුවර පල්ලියේ ඉදිකිරීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක් (VIDEO)

මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ රන් වියනට හා පත්තිරුප්පුවට වඩා උසින් කිසිදු ආගමික ස්ථානයක ඉදිකිරීමක් සිදු කිරීමට අවසර ලබානොදෙන බවත් පසුගියදා දෙපාර්ශවයක් අතර ගැටලුකාරී තත්ත්වයක් හටගත්තේ වැරදි අවබෝධයක් නිසා බවත් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියාසිටියේ ඊයේ (06) අදාළ සිදුවීම සම්බන්ධව මල්වතු මහනා හිමියන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

මහනුවර නගරයේ මුස්ලිම් පල්ලියක කොටසක් දළදා මාලිගාවේ රන් වියනට හා පත්තිරුප්පුවට වඩා උසින් ඉදි කිරීමේ සූදානමක් ඇති බව පවසමින් සංවිධාන කිහිපයක් පෙරේදා (05) මහනුවරදී විරෝධතාවයක නිරත විය. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "පල්ලියේ ගොඩනැගිල්ල දළදා මාළිගාවට වඩා උසට ඉදිකිරීමට උත්සාහ දරණ බවට වැරදි මතයක් පැතිරී ගිය නිසා පුංචි කලබලයක් ඇති වුණා. මම පල්ලියේ භාරකාර මණ්ඩලයත් එක්ක සාකච්ඡා කළා. එයාලා මෙම ගොඩනැගිල්ල දළදා මාළිගාවට වඩා උසට ඉදිකිරීමට කිසිසේත් කැමති නැහැ". යි පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ එම කුළුනෙහි මේ වනවිට ඉදිකර ඇති කොටසේ වැඩ අවසන් කොට එය නතර කරන බවත් යළි යම් ඉදිකිරීමක් කරන්නේ නම් ඒ පිළිබඳව මල්වතු හා අස්ගිරි විහාරයන්හි මහනා හිමිවරුන්ගේ උපදෙස් ලබාගන්නා බවත් ය.

වීඩියෝව පහතින්.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 07 June 2016 17:03