May 17, 2024

ආයුර්වේද සේවකයින් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පනී (VIDEO)

ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් එහි වෘත්තිය සමිති එකමුතුව ඊයේ (30) බලහත්කාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුලු විය. 

ඒ, අමාත්‍යාංශය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකින් අනතුරුවයි.

එම වෘත්තීය සමිති එකමුතුව ආයුර්වේද සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ඉවත් කරන ලෙස ඉල්ලා මාස 02ක පමණ කාලයක සිට මෙලෙස විරෝධතාවයේ නිරත වේ.

ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවීමෙන් පසු ඔවුන් බලහත්කාරයෙන් එහි ප්‍රධාන ගේට්ටුව විවෘත කරගෙන අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුලූ වන අවස්ථාවේ තරමක උණුසුම්කාරී තත්ත්වයක්ද ඇතිව තිබේ. 

ඉන් පසුව ඔවුන් අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම මහතා වෙත ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් සංදේශයක්ද භාරදුන්නේය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආයුර්වේද සංස්ථා වෘත්තිය සමිති එකමුතුවේ සභාපති බර්නාඞ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ දින 14 ක් ඇතුළත සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට අමාත්‍යාංශ ලේකම්වරයා එකඟ වූ බවයි.

පසුගිය ජූනි මස 28 වනදා ද ආයුර්වේද සංස්ථාවේ සේවකයන් එහි සභාපතිවරයාට විරෝධය පළ කරමින් ඔහු පැය කිහිපයක් සංස්ථාව තුළ රඳවාගෙන සිටියේය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 31 August 2016 10:38