May 03, 2024

ඡන්දය ඉල්ලා ඔළුවෙන් හිටගත් මන්ත්‍රී (PHOTOS)

අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අද (31) දින අඹගමුව ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී කළුපටි පැළඳ ඔළුවෙන් සිට ගෙන විරෝධතාවයක නිරත විය.

හෙළප්‍රිය නන්දරාජ නැමැති මොහු මෙසේ විරෝධතාවයේ නිරත වී ඇත්තේ විසිරුවාහැර ඇති පළාත් පාලන අායතනවල නැවත පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස බලකරමිනි.

ඒ මහතා අවධාරණය කර සිටින්නේ යහපාලන ආණ්ඩුවට දෙපයින් හිටගෙන වාචිකව සහ ලිඛිතව පළාත්  පාලන ආයතන මැතිවරණ පවත්වන ලෙස බලකලත්  එය සිදු නොකරන නිසා තමන් ඔළුවෙන් සිටගෙන මෙම විරෝධතාවය දක්වන බවයි.

මෙම විරෝධතාවයට එම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩග්ලස් ධර්මකිර්ති මහතා ද සහභාගි වූ බව වාර්තා වේ.

ඡායාරූප පහතින්.

 

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(1 Vote)