April 28, 2024

මෙවර 45%ක් ගණිතය අසමත් - 55%ක් ඉංග්‍රීසි අසමත්

පසුගියදා නිකුක් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 45% ක් ගණිතය විෂය අසමත් වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඊයේ (29) නිකුත් කළ ප්‍රතිඵල සමීක්‍ෂණ වාර්තාවට අනුව ගණිතය විෂය සදහා දෙලක්‍ෂ හැත්තෑ දෙදහස් හත්සිය විසිතුන් දෙනෙකු පෙනී සිට ඇති අතර ඒ අතරින් විභාගය සමත්ව ඇත්තේ එක් ලක්‍ෂ පනස් දහස් හාරසිය අසූ එක් දෙනෙකු පමණි.

ඒ අනුව සිසුන් එක් ලක්‍ෂ විසි දෙදහස් දෙසිය හතලිස් දෙදෙනෙකු ගණිතය විෂය අසමත් වී තිබේ. 

මේ අතර අදාළ වාර්තාව අනුව අපේක්‍ෂකයන් දෙලක්‍ෂ හැත්තෑ දෙදහස් පන්සිය හැත්තෑ හය දෙනෙකු ඉංග්‍රීසි විෂයට පෙනී සිට ඇති අතර ඉන් සමත් වී ඇත්තේ එක් ලක්‍ෂ විසිතුන් දහස් හත්සිය හතලිස් දෙදෙනෙකු පමණි.

ඒ අනුව ඉංග්‍රීසි විෂය අසමත් වී ඇති සිසුන් සංඛ්‍යාව එක් ලක්‍ෂ හතලිස් අට දහස් අටසිය තිස් හතරක් වන අතර එහි ප්‍රතිශතය පෙනී සිටි සිසුන්ගෙන් 55% කි.

 

Rate this item
(0 votes)