May 14, 2024

කලාප අධ්‍යක්ෂක විභාග ශාලාවට ආවැයි ගුරුවරුන්ගෙන් චෝදනාවක්

හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක පී. ශීදරන් මහතා හැටන් ශාන්ත බොස්කෝ විද්‍යාලයේ විභාග ශාලාවට ගොස් එහි ලොග් සටහනක් ද තබා ඇති බවට හැටන් ප්‍රදේශයේ ගුරු සංගම් චෝදනා කරයි.

මේ දිනවල 2016 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මෙලෙස විභාග ශාලාවට ඇතුළු වී ඇත්තේ අද (04) දහවලේය.

කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයාගේ පුතාද හැටන් ප්‍රදේශයේම ප්‍රධාන පාසලක මෙවර විභාගයට පෙනි සිටින අවස්ථාවක ඔහුට විභාග මධ්‍යස්ථානයකට ඇතුළුවීමට සදාචාරත්මක අයිතියක් නොමැති බවට එම ගුරු සංගම් චෝදනා කරයි.

විභාග කොමසාරිස්වරයාගේ කිසිදු අවසරයකින් තොරව විභාග ශාලාවකට කිසිවෙකුටත් ඇතුළුවිය නොහැකි බවත් මේ පිළිබදව විභාග කොමසාරිස්වරයාට දැනුම්දීමට පියවර ගන්නා බවත් එම ගුරු සංගම් කියාසිටී.

මේ පිළිබදව අප වාර්තාකරු හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක පි. ශිදරන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කොට ඇත්තේ විභාග කොමසාරිස්වරයාගේ හැටන් කළාපයේ බලධාරියා තමන් බවත් තමා හැටන් බොස්කෝ විද්‍යාලයේ පළමුවෙනි ශාලාව වෙත ඇතුළු වුයේ පිට ප්‍රදේශවලින් පැමිණි පෞද්ගලික අයදුම්කරුවන් පිරිසක් මෙවර එම ශාලාවේ විභාගයට පෙනී සිටින බවට ලද තොරතුරක් මත බවයි.

ඒ පිළිබදව විභාග කොමසාරිස්වරයා දැනුවත් කර තමන් ශාලාවට ගිය බවත් එම පැමිණිල්ල පිළිබදව අවශ්‍ය පියවර ගැනිමට විභාග කොමසාරිස්වරයා දැනුවත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 August 2016 17:28