May 06, 2024

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම අදියර 3කින්

පසුගියදා ආරම්භ කළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර 03ක් යටතේ සිදු කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

ඒ අනුව පළමු අදියර අගෝස්තු 29 වැනි දා සිට සැප්තැම්බර් 11 වැනි දා දක්වා පැවැත්වෙන අතර මෙම පළමු අදියර පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු දිවයින පුරා පිහිටි ඇගයීම් මධ්‍යස්ථාන 31කදී සිදු කෙරෙන අතර ගුරුවරුන් 6,876 දෙනෙකු ඒ සඳහා සහභාගි වන බව කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේය.

එමෙන්ම එම කාලය තුළ පාසල් 06ක් සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර පාසල් 21ක අධ්‍යයන කටයුතු සිදුකරන අතරතුර ඇගයීම් කටයුතු සිදුකරයි.

එසේම දෙවැනි අදියර සැප්තැම්බර් 05 වැනි දා සිට සැප්තැම්බර් 18 වැනි දා දක්වා පැවැත්වේ.

තෙවැනි අදියරේ විභාග ඇගයීම් කටයුතු සැප්තැම්බර් 19 වැනි දා සිට ඔක්තෝම්බර් 09 වැනි දා දක්වා සිදු කෙරේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මධ්‍යස්ථාන 40කදී අගෝස්තු 29 වැනි දා සිට සැප්තැම්බර් 03 වැනි දා දක්වා පැවත්වේ.

ඒ සඳහා ඇගයීම් මණ්ඩල 380ක් යටතේ ගුරුවරුන් 5700ක් සහභාගි වෙති.

එම කාලය තුළ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන් පාසල් 35ක් වසා තබන අතර පාසල් පවත්වන අතරතුරු කොටසක් පමණක් ඇගයීම් සඳහා යොදා ගනු ලබන ලබන පාසල් සංඛ්‍යාව 04කි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 06 August 2016 09:25