May 06, 2024

උඩුවේ හිමි රහස් පොලීසියට (VIDEO)

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අපවත් වීම පිලිබඳ සැක පළ කරමින් පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව කරුණු විමසීමකට එම හිමියන් අද (26) රහස් පොලීසිය වෙත කැඳවීය.

පසුගිය මාර්තු 21 වැනි දින නාරාහේන්පිට අභයාරාමයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කියා සිටියේ ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකෙරෙන්නේ නම් තමන් වහන්සේ සතුව ඇති සාක්ෂි ද හෙළිදරව් කිරීමට තමා කැමති බවයි.

මේ අතර පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ අත්සනින් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ බව කියන ලිපියක් පසුගිය 24 වැනිදා මාධ්‍ය වෙත නිකුත් කෙරුණු අතර එහි දැක්වෙන්නේ කරුණු 7ක් නිසා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම සැකසහිත බවයි.

මෙවැනි සැක සහිත තත්ත්වයක් තිබෙන නිසා උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුව තිබුණු බවත් එහෙත් ඒ බව ද නොසලකා උන්වහන්සේගේ දේහය ආදාහනය කෙරුණු බවත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ප්‍රකාශ කරයි.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)