May 02, 2024

වසරේ ප්‍රථම සූර්යග්‍රහණය අද

2016 වසරේ ප්‍රථම සූර්යග‍්‍රහණය අද (09) දිනයේ දී සිදු වීමට නියමිතව ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය වන්දන ජයරත්න මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සූර්යග‍්‍රහණය අර්ධ සූර්යග‍්‍රහණයක් ලෙස අද පෙරවරු 6.47 සිට මඩකලපුව, මහනුවර, ගාල්ල ඇතුළු මෙරට නැගෙනහිර භාගයට දිස්වන බව යි.

එමෙන්ම නැගෙනහිර ආසියාවේ තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවලට ද එය දිස්වන බව මහාචාර්යවරයා සඳහන් කළේ ය.

Rate this item
(0 votes)